header logo
Top News
කොටස් වෙළඳපොළේ අස්ථාවරත්වයක් නැහැ - ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී කියයි
Oct 22, 202604:19 PM
කොටස් වෙළඳපොළේ අස්ථාවරත්වයක් නැහැ - ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී කියයි

කොළඹ කොටස් වෙළඳපොළේ තාවකාලික උච්ඡාවචනයන් දක්නට ලැබුණද, එහි කිසිදු අස්ථාවරත්වයක් නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අද (22) පෙරවරුවේ දී පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කලින් කලට කොටස් වෙළඳපොළවල තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි අතර, එය විශේෂයෙන්ම පොලී අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් සිදුවන්නක් බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් කොටස් වෙළඳපොළේ යම් පහළ යාමක් දක්නට ලැබුණද, කොළඹ කොටස් වෙළඳපොළ තුළ එවැනි අස්ථාවරත්වයක් නොමැති බව නිරීක්ෂණය කළ හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කාලයත් සමඟ මෙම කොටස් වෙළඳපොළ යළි යථා තත්ත්වයට පත්වන බවට පාර්ලිමේන්තුවට සහ මහජනතාවට සහතික වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, කොටස් වෙළඳපොළ තුළ කිසිදු අස්ථාවරත්වයක් නොමැති බව නැවතත් අවධාරණය කළේය.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%