header logo
Top News
චීනයේ ඇමරිකානු ආයෝජන සඳහා පනවා ඇති සීමා පුළුල් කිරීමේ තීරණයට බීජිං පාර්ශවයෙන් දැඩි විරෝධයක්
Oct 25, 202610:15 PM
චීනයේ ඇමරිකානු ආයෝජන සඳහා පනවා ඇති සීමා පුළුල් කිරීමේ තීරණයට බීජිං පාර්ශවයෙන් දැඩි විරෝධයක්
    චීනය තුළ සිදුකෙරෙන ඇමරිකානු ආයෝජන සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් වැඩි කිරීම අත්හිටුවන ලෙස චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ (24) එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇති බව රොයිටර්ස් පුවත් සේවය නිවේදනය කර සිටී. සංවේදී තාක්ෂණික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් යෝජිත මෙම නව රෙගුලාසි මගින් දෙරට අතර පවතින වෙළඳ සබඳතාවලට බාධා පැමිණෙන බව චීනය පෙන්වා දෙයි. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව (US Treasury Department) මගින් බ්‍රහස්පතින්දා (22) දින විදේශීය ආයෝජන ආරක්ෂණ වැඩසටහන යාවත්කාලීන කිරීම සඳහා වූ යෝජනා මාලාවක් නිකුත් කරන ලදී. ඒ අනුව සීමාසහිත ක්ෂේත්‍ර අතරට ජෛව තාක්ෂණය (biotechnology) අලුතින් එකතු කර ඇති අතර, අධි-කාර්යසාධන පරිගණකකරණය (high-performance computing) සහ අති-ධ්වනිත පද්ධති (hypersonic systems) ආවරණය වන පරිදි එම සීමාවන් පුළුල් කර ඇත. බීජිං හි වාණිජ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම යෝජනාව මගින් චීනයට අදාළ ආයෝජන සීමාවන් වෙනස්කම් සහිත ලෙස පුළුල් කර ඇති අතර තහනම් කිරීම් තීව්‍ර කර ඇති බවයි. ඇමරිකානු යෝජනාවට දැඩි ලෙස විරෝධය පළ කළ චීනය, ඊට එරෙහිව නිශ්චිතව සඳහන් නොකළ ප්‍රතිපියවරයන් ගැනීමේ අයිතිය තමන් සතුව තබා ගන්නා බව ද වැඩිදුරටත් පැවසීය. එමෙන්ම මෙම යෝජනාව මගින් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික සබඳතාවලට හානි සිදුවන බවත්, පසුගිය මාස හය තුළ දෙවරක් හමුවූ දෙරටේ ජනාධිපතිවරුන් අතර ඇති කරගත් සම්මුතියට මෙය පටහැනි වන බවත් බීජිං පාර්ශ්වය ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ චීනයට පමණක් සීමා නොවූ මෙම පියවරයන්හි ප්‍රධාන අරමුණ වන්නේ, ඇමරිකානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ද්විත්ව භාවිත උපායමාර්ගික තාක්ෂණයන් (dual-use strategic technologies) විදේශීය තරඟකරුවන් විසින් සංවර්ධනය කිරීමට ඇමරිකානු ප්‍රාග්ධනය යෙදවීම වැළැක්වීම බවයි. මීට පෙරද එක්සත් ජනපද වැඩසටහන මගින් අර්ධ සන්නායක (semiconductors), ක්වොන්ටම් තාක්ෂණය (quantum technologies) සහ කෘතිම බුද්ධිය (artificial intelligence) යන ක්ෂේත්‍රයන්හි චීනය සම්බන්ධිත ඇතැම් ඇමරිකානු ආයෝජන සීමා කර තිබුණි.
    MostRead
    VideoStories

    Stock Market

    Market Closed

    Share Volume

    N/A

    Turnover

    N/A

    ASPI

    N/A

    N/AN/A%
    S&P SL20

    N/A

    N/AN/A%