header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට යුන්නාන් ප්‍රාන්තය හරහා චීන වෙළෙඳපොළට ඇතුළු වීම සඳහා විශේෂ පහසුකම් රැසක්
ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට යුන්නාන් ප්‍රාන්තය හරහා චීන වෙළෙඳපොළට ඇතුළු වීම සඳහා විශේෂ පහසුකම් රැසක්
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව සහ චීනයේ යුන්නාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරන ලද "ශ්‍රී ලංකා සහ යුන්නාන් ප්‍රාන්ත විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධන සමුළුව සහ ව්‍යාපාරික හමුව" පසුගියදා (2026 ඔක්තෝබර් 23) දින කොළඹ Cinnamon Life පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. චීන යුන්නාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලී චාඕවී (Mr. Li Chaowei) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිල දූත පිරිසක් මෙන්ම එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන 30කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියහ.
මෙම විශේෂ නිල උත්සවය වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා වැඩබලන අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා, අමාත්‍යාංශ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා මහතා සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ අතිගරු තානාපති වෙයි හුවාෂියෑන් (H.E. Wei Huaxiang) මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහිදී නිල සංචාරයක් සඳහා විදේශගතව සිටින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සූම් (virtual) තාක්ෂණය ඔස්සේ සමුළුව අමතමින්, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ අතර චීන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා වන අපනයන ධාරිතාව පුළුල් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
සමුළුවේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා සහ යුන්නාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලී චාඕවී මහතා විසින් සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබන ලදී. "Three Free and Three Facilitations" යන වෙළෙඳ රාමුව යටතේ අත්සන් තැබුණු මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්ට යුන්නාන් ප්‍රාන්තය හරහා චීන වෙළෙඳපොළට ඇතුළු වීම සඳහා නොමිලේ ගබඩා පහසුකම් (Warehousing), නොමිලේ ස්ථිර ප්‍රදර්ශන කුටි, මාර්ගගත (Online) වෙළෙඳපොළ ප්‍රවේශය මෙන්ම රේගු නිෂ්කාශන සහ ප්‍රවාහන පහසුකම් ඇතුළු පැකේජයක් හිමිවේ. මෙමඟින් අපනයන ආශ්‍රිත පිරිවැය විශාල ලෙස අඩු කරගැනීමට ශ්‍රී ලංකාවේ සමාගම්වලට අවස්ථාව සැලසේ.
මීට අමතරව, 2027 වසරේ පැවැත්වීමට නියමිත 11 වන චීන - දකුණු ආසියානු එක්ස්පෝ (China - South Asia Expo) ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකීය සමාගම්වල සහභාගිත්වය තහවුරු කරමින් වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චරිත යට්ටෝගොඩ මහතා සහ ප්‍රදර්ශන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලී මින්ග්යු (Mr. Li Mingyu) මහතා විසින් එකඟතා ලිපියකට (LOI) අත්සන් තැබූහ. මෙමඟින් ලංකාවේ ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍ර වන ලංකා තේ, ආහාර හා පාන වර්ග, කුළුබඩු, පොල් නිෂ්පාදන, මුහුදු ආහාර, මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම අත්කම් නිර්මාණ සඳහා චීන වෙළෙඳපොළ තුළ මහා පරිමාණ ප්‍රවර්ධනයක් ලබා ගැනීමට මඟ පෑදෙනු ඇත.
මෙම සමුළුවේ ප්‍රශ්නෝත්තර සැසියේදී පැහැදිලි කෙරුණේ, මෙම නව වෙළෙඳ සහන රාමුව වසන්ත සමරසිංහ අමාත්‍යවරයා චීන පාර්ශවය සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙරට අපනයනකරුවන් උදෙසාම වෙන්වූවක් බවයි. අනතුරුව වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධ්‍යක්ෂිකා නාලිකා කොඩිකාර මහත්මිය විසින් චීන වෙළෙඳපොළේ පවතින අවස්ථා පිළිබඳව විශේෂ දේශනයක් පැවැත්වූ අතර, ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ මණ්ඩල, නිෂ්පාදන සංගම් නියෝජනය කළ දේශීය ව්‍යවසායකයින් සහ පැමිණි චීන ව්‍යාපාරික දූත පිරිස අතර සාර්ථක ද්විපාර්ශ්වික ව්‍යාපාරික සාකච්ඡා (B2B Networking) පවත්වමින් සමුළුව සාර්ථකව නිමාවට පත් විය.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%