header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
PUCSL හි පිරිවැය මත පදනම් වූ Power Wheeling ගාස්තු ක්‍රමවේදය පිළිබඳව ශ්‍රී ලංකා ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රසාදය පළකරයි
PUCSL හි පිරිවැය මත පදනම් වූ Power Wheeling ගාස්තු ක්‍රමවේදය පිළිබඳව ශ්‍රී ලංකා ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රසාදය පළකරයි

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) විසින් විසින් ඉදිරිපත් කළ Power Wheeling ගාස්තු අය කිරීමේ ඉල්ලීම පිළිබඳව ශ්‍රී ලංකා ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය (JAAF) සිය කැමැත්ත ප්‍රකාශ කර සිටියි. ශ්‍රී ලංකා ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය පවසන්නේ සරල හා විනිවිදභාවයකින් යුත් පිරිවැය මත පදනම් වූ මෙම ගාස්තුව ශ්‍රී ලංකාවේ කර්මාන්ත වඩාත් තරඟකාරී බලශක්ති පිරිවැයක් ලබා ගැනීම උදෙසා තැබූ ඉතා ප්‍රායෝගික පියවරක් වන බවයි.

2026 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී දමිත කුමාරසිංහ මහතා පැවසුවේ මෙම Power Wheeling ගාස්තු ක්‍රමවේදය පිරිවැය හා සාධාරණ ලාභයක් ආවරණය වන සාධාරණ අයකිරීමක් විය යුතු බවයි. එය සමාගම්වල ආයෝජන දිරිමත් කරන ආකාරයේ දැරිය හැති පිරිවැයක් විය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳ සාකච්ඡා තවමත් මූලික අදියරෙහි පවතින බවත්, නීතිමය ප්‍රතිපාදන ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීම මත එය රඳා පවතින බවත්ය.

Power Wheeling යනු එක් පාර්ශවයක් විසින් නිපදවන විදුලිය නියාමනය කරන ලද ගාස්තුවකට ජාතික විදුලි බල පද්ධතිය හරහා වෙනත් පාරිභෝගිකයෙකු වෙත රැගෙන යාම සඳහා නිර්මාණය කර ඇති ක්‍රමවේදයකි. නිෂ්පාදකයින්ට ඔවුන් විදුලිය මිලදී ගන්නා ආකාරය සරල හා පහසු කරන අතරම, විදුලිය නිපදවන්නන් සමඟ සෘජුවම සැපයුම් කොන්දේසිවලට එකඟ වීමට මෙහිදී හැකි වේ.

කුමාරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ආයෝජන තීරණයකින් පසුව විදුලි උත්පාදන ධාරිතාව සැකසෙන තෙක් බලා සිටිනවා වෙනුවට, ආයෝජකයන්ට තමන්ගේ මුදල් යෙදවීමට පෙරම අවශ්‍ය විදුලි සැපයුම තහවුරු කර ගැනීමට අවස්ථාව තිබිය යුතු බවයි. අවසාන වශයෙන් මෙරට සමස්ත විදුලි බලයෙන් 15% සිට 20% දක්වා ප්‍රමාණයක් විවෘත වෙළෙඳපොළ ක්‍රමවේදයක් හරහා අලෙවි කළ හැකි වනු ඇතැයි පෙන්වා දුන් ඒ මහතා Power Wheeling මෙන්ම වෙළෙඳපොළ පදනම් කරගත් බලශක්ති අලෙවිකරණය යන අංශ දෙකම එකසේ දියුණු කළ යුතු බවද සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකා ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමයේ අදහස වන්නේ සමස්ත පුළුල් බලශක්ති ප්‍රතිපත්තියද මෙහිදී එක සේ වැදගත් වන බවයි. විවෘත ප්‍රවේශය සහ Power Wheeling නියාමනයන් කඩිනම් කිරීම සඳහා මේ වන විට පියවර ගනිමින් පවතින අතර, ඊට සමගාමීව බැටරි බලශක්ති ගබඩා කිරීමේ පද්ධති පිහිටුවීම දිරිගැන්වීමටද නියමිතව ඇත. මෙම පියවරයන් සියල්ල එකතු වූ විට, නිෂ්පාදකයන්ට වඩාත් විශ්වාසදායක සහ වඩාත් තිරසාර බලශක්ති විකල්පයන් තෝරා ගැනීමට අවස්ථාව උදා වේ.

මෙම Power Wheeling ගාස්තු ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කඩිනමින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙසත්, ආයෝජන අධෛර්යමත් නොකරන සරල, විනිවිදභාවයකින් යුත් සහ පිරිවැය මත පදනම් වූ ගාස්තුවක් සකස් කරන ශ්‍රී ලංකා ඇඟලුම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය මෙහිදී ඉල්ලා සිටියි. එමෙන්ම, ඔවුන් පවසන්නේ මෙම ගාස්තු ක්‍රමය අවසන් කිරීමට පෙර අපනයනකරුවන් සහ අනෙකුත් බලශක්ති පාරිභෝගිකයන් ඇතුළු සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ සාකච්ඡා කරන ලෙසත්, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින් ඇතුළු සියලුම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා මෙයට සමාන හා සාධාරණ අවස්ථාවක් ලබා දෙන ලෙසත්ය.

Power Wheeling සහ විදුලි බල වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ මගින් ආයෝජකයන්ට ස්ථාවරත්වයක් සහ අපනයනකරුවන්ට තරඟකාරී බලශක්ති පිරිවැයක් ලබා දීම සහතික කිරීම සඳහා PUCSL, අදාළ අමාත්‍යාංශ සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට JAAF සූදානමින් සිටියි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%