header logo
Top News
හම්බන්තොට ගෑස් පර්යන්තය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ලාෆ්ස් සැරසෙයි
හම්බන්තොට ගෑස් පර්යන්තය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ලාෆ්ස් සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS Terminals Limited සම්බන්ධයෙන් උපායමාර්ගික විකල්ප පිළිබඳව, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සමඟ මූලික සහ විධිමත් නොවන මට්ටමේ සාකච්ඡාවල නිරත වන බව සිය කොටස් හිමියන්ට සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී සිටී.

මෙම සාකච්ඡාවලදී සලකා බලනු ලබන විකල්ප අතරට වාණිජමය සහයෝගීතාවයන්, බාහිර ආයෝජන ලබා ගැනීම සහ LAUGFS Terminals Limited හි ලාෆ්ස් ගෑස් පීඑල්සී සතු කොටස් හිමිකාරීත්වයේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම විකිණීම ඇතුළත් වේ.

කෙසේ වෙතත්, කිසිදු ගනුදෙනුවක ව්‍යුහය හෝ කොන්දේසි පිළිබඳව මෙතෙක් එකඟතාවයකට පැමිණ නොමැති අතර, කිසිදු අවසන් ගනුදෙනු ගිවිසුමකට ද එළඹ නොමැති බව සමාගම පෙන්වා දෙයි. මෙම මූලික සාකච්ඡා සාර්ථක ගනුදෙනුවකින් කෙළවර වේද යන්න පිළිබඳව ස්ථිරභාවයක් නොමැති බැවින්, මෙම අදියරේදී සිදුවිය හැකි මූල්‍යමය බලපෑම තීරණය කළ නොහැකි බව ද සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුවන යම් සැලකිය යුතු වර්ධනයක් පිළිබඳව වහාම අනාවරණය කිරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වැඩිදුරටත් දන්වා සිටී.

LAUGFS Terminals Limited සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ පිහිටි මෙට්‍රික් ටොන් 30,000 ක ධාරිතාවයකින් යුත් LPG (ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස්) පර්යන්තයේ අයිතිය දරනු ලබන අතර එහි මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%