header logo

Daily Exchange Rates

Nov 20, 2026
Analysis
ඉන්දියාව තීරණයක් ගනී. පිටකොටුවේ ලොකු ලූනු මිල ඉහළට
ඉන්දියාව තීරණයක් ගනී. පිටකොටුවේ ලොකු ලූනු මිල ඉහළට

ලූනු වගාවට අවශ්‍ය දේශගුණික තත්ත්වය අයහපත් වීමෙන් ඉන්දියාව තුළ ලූනු නිෂ්පාදනය අඩුවීම නිසා ලොකු ලූනු අපනයනය කිරීමට පනවා තිබෙන අවම මිල සීමාව වැඩිකිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.
මේ පිළිබඳව අප වෙත අදහස් දක්වමින් පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ජී. නාදන් මහතා පැවසුවේ මෙම තීරණය හේතුවෙන් මෙරට වෙළඳ පොළේ ලොකු ලූනු මිල ගණන් ඉදිරියේදී ඉහළ යනු ඇති බවයි.
අපනයනය කරන ලොකු ලූනු ටොන් එකක අවම මිල ඩොලර් 300 ක සිට ඩොලර් 500 ක් දක්වා වැඩි කිරීමට ඉන්දියාව වහාම තීරණය කර තිබෙන්නේ එරට වෙළඳ පොළේ ලූනු මිල ගණන් ඉහළ යාම අඩු කිරීම සඳහායි.
මේ දිනවල පිටකොටුව තොග වෙළඳ පොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 75 සිට 78 ක පමණ මිලක් වන බවත් ඉන්දියාව විසින් ලූනු අපනයනය කිරීමේ අවම මිල ගණන් වැඩිකිරීම නිසා ඉදිරියේදී ලොකු ළූණු කිලෝවක් රුපියල් 85 ක් වැනි මිලක් දක්වා ඉහළ නගිනු ඇති බවත් නාදන් මහතා පැවසීය.
“ලංකාවට සතියකට ඉන්දියාවෙන් ලොකු ලූනු බහාලුම් 80 ක් පමණ ගෙන්වනවා. මෙම එක බහාලුමක කිලෝ 25,000 ක් පමණ තිබෙනවා.“
“ඉන්දියාව මිල වැඩි කිරීම නිසා පාකිස්තානයෙන් ලොකු ලූනු ගෙන්වන්න බැලුවත් එහි නිෂ්පාදනය මදියි අපනයන ඉල්ලුම සපුරා ලන්න. මේ තත්ත්වය තුළ සතියකට පාකිස්තානයෙන් ලොකු ලූනු බහාලුම් 10 ක් විතර ගෙන්වන්න අපි බලාපොරොත්තු වෙනවා.“

නාදන් මහතා සඳහන් කළේ ඉන්දියාව විසින් ලූනුවල මිල වැඩිකිරීම නිසා විකල්පයක් ලෙස චීනයෙන්ද ලොකු ලූනු ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන නමුත් ඒ සඳහා වැඩි කාලයක් ගතවනු ඇති බවයි.
ලංකාවේ අවශ්‍යතාවයන් සඳහා මෙරට නිපදවන රතු ලූනු තොග ප්‍රමාණවත් බවත් ඉදිරියේදී යාපනයේ හා පුත්තලමේ නිෂ්පාදනය කළ රතු ලූනු තොග දේශීය වෙළඳ පොළට ලැබෙනු ඇති බවත් නාදන් මහතා වැඩිදුරටත් කීය.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%