header logo
Top News
24 වන වරටත් ග්ලෝබල් ෆයිනෑන්ස් ‘හොඳම බැංකුව’ සම්මානය කොමර්ෂල් බැංකුවට
24 වන වරටත් ග්ලෝබල් ෆයිනෑන්ස් ‘හොඳම බැංකුව’ සම්මානය කොමර්ෂල් බැංකුවට

ශ්රී ලංකාවේ හොඳම බැංකුව ලෙස වසර 25කට ආසන්න කාලයක් පුරා කොමර්ෂල් බැංකුව ලබා ඇති පිළිගැනීම ජාත්යන්තර මට්ටමින් ඇගයීමට ලක්කරමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් 24 වන වරටත් ශ්රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට පිරිනමන ලද සම්මානය එහි කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා විසින් පසුගියදා පිළිගන්නා ලදී.

2026 වසරේ ග්ලෝබල් ෆයිනෑන්ස් වාර්ෂික සම්මාන උළෙල ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව බැංකොක්හි දුසිත් තානි හෝටලයේදී පැවැත්විය.

එම සම්මාන උළෙලේදී ශ්රී ලංකාවේ හොඳම ඉස්ලාමීය බැංකුවට හිමි ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය ද කොමර්ෂල් බැංකුවට හිමි විය.

ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ ‘2026 ලොව හොඳම බැංකු’ සම්මාන උළෙල මඟින් අප්රිකාව, ආසියා-පැසිෆික් කලාපය, කැරිබියානු කලාපය, මධ්යම ඇමරිකාව, මධ්යම හා නැගෙනහිර යුරෝපය, ලතින් ඇමරිකාව, මැදපෙරදිග, උතුරු ඇමරිකාව සහ බටහිර යුරෝපය ඇතුළු කලාපවල රටවල්, ප්රදේශ සහ පාලන දිස්ත්රික්ක 150කට වැඩි සංඛ්යාවක ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ බැංකු ඇගයීමට ලක් කෙරිණි.

තායිලන්තයේ පැවති ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ වාර්ෂික සම්මාන උළෙලේදී සනත් මනතුංග මහතා සමඟ ග්ලෝබල් ෆයිනෑන්ස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ-මෙහෙයුම් ක්රිස් ජියාරපුටෝ මහතා සහ ඉන්ටෙලෙක්ට් ආයතනයේ ආසියා-පැසිෆික් කලාප ප්රධානී නවීන් දුලානි මහතා සේයාරුවෙන් දැක්වෙයි.
 

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%