header logo
Top News
ශීත සෘතුවේ ආරම්භයත් සමඟ ස්විස්ටර්ලන්තයේ Edelweiss ගුවන්‍ සේවය කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් අරඹයි
ශීත සෘතුවේ ආරම්භයත් සමඟ ස්විස්ටර්ලන්තයේ Edelweiss ගුවන්‍ සේවය කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් අරඹයි

ස්විස්ටර්ලන්තයේ Edelweiss ගුවන්‍ සේවය ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින්, අද (27) පෙරවරුවේ Edelweiss ගුවන් යානයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සම්ප්‍රාප්ත විය.

එහි දී පැමිණි සංචාරකයින් සහ කාර්ය මණ්ඩලය උඩරට සාම්ප්‍රදායික නර්තන අංගයක් ද සමඟින් ඉතා උණුසුම්ව පිළිගනු ලැබීය.

අද සිට 2027 මැයි මාසය තෙක් ස්විට්සර්ලන්තයේ සූරිච් අගනුවර සිට කොළඹ දක්වා සතියකට ගුවන් ගමන් වාර තුනක් ක්‍රියාත්මක වන අතර, මේ සමාරම්භයත් සමඟ ජාත්‍යන්තර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත. මෙම ගුවන් සේවා ක්‍රියාත්මක වීම මඟින් වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට ආකර්ෂණය කර ගැනීමටත්, සංචාරක ආදායම් ඉහළ නැංවීමටත්, සංචාරක ක්ෂේත්‍රයේ සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා පුළුල් කරගැනීමටත් අවස්ථාව උදා වේ.

 

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%