header logo
Corporate News
Ritzbury Roccoa විසින්, ලියොනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් අත්සන් කරන ලද සැබෑ FIFA ජර්සි ජයග්‍රාහකයන්ට ලබාදෙයි
Ritzbury Roccoa විසින්, ලියොනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් අත්සන් කරන ලද සැබෑ FIFA ජර්සි ජයග්‍රාහකයන්ට ලබාදෙයි

Ritzbury Roccoa විසින් ගෝලීය පාපන්දු උද්යෝගයට සමගාමීව දියත් කරන ලද ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් හට පාපන්දු ලෝකයේ වැජඹෙන තරු දෙකක් විසින් පෞද්ගලිකව අත්සන් කරන ලද FIFA ජර්සි පිරිනැමීම පසුගියදා සිදුවිණි.

Ritzbury Roccoa විසින් දියත් කරන ලද මෙම ‘Own Your GOAT’ ප්‍රවර්ධන වැඩසටහනේ උද්‍යෝගීමත්ම මොහොත සනිටුහන් කරමින් සිදුකරන ලද විශේෂ ජර්සි ප්‍රදානය කිරීමේ අවස්ථාව පසුගිය දින හැව්ලොක් සිටි වෙළඳ සංකීර්ණයේදී පැවැත්විණි. මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් ශ්‍රී ලාංකේය පාපන්දු ලෝලීන් හට, ලියොනල් මෙසී විසින් අත්සන් කරන ලද සැබෑ FIFA 2026 ආර්ජන්ටිනා ජර්සියක් සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් අත්සන් කරන ලද සැබෑ FIFA 2026 පෘතුගාලජර්සියක් දිනා ගැනීමේ සුවිශිෂ්ට අවස්ථාවක් උදා කර දෙන ලදී.

මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින්, ලියොනල් මෙසී විසින් අත්සන් කරන ලද ආර්ජන්ටිනා ජර්සියේ ජයග්‍රාහකයා ලෙස රමේෂ් කාර්වාල්හෝ තෝරා ගැනුණු අතර, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් අත්සන් කරන ලද පෘතුගාල ජර්සියේ ජයග්‍රාහකයා ලෙස පසිඳු අංජන වික්‍රමසිංහ තෝරා ගන්නා ලදී.

මෙහිදී විශේෂයෙන්ම, ලියොනල් මෙසී විසින් අත්සන් කරන ලද ආර්ජන්ටිනා ජර්සිය පාපන්දු මතක සටහන් වල වැදගත් අංගයක් විණි. තවද, 2026 FIFA ලෝක කුසලානය, මෙසීගේ අවසාන ලෝක කුසලාන තරග සහභාගිත්වය ලෙස ප්‍රකාශයට පත් කර තීබූ බැවින්, එය ලොව පුරා පාපන්දු ලෝලීන්ට සංවේදී මොහොතක් වූ බවද කිව යුතුයි. එසේම, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් අත්සන් කරන ලද පෘතුගාල ජර්සියද, පාපන්දු ඉතිහාසයේ තවත් සුවිශේෂී කොටසක් නියෝජනය කරන ලදී. ඒ අනුව, මෙම සැබෑ පාපන්දු ජර්සි සිහිවටන දෙක ඔස්සේ, පාපන්දු ක්‍රීඩාව හා සම්බන්ධ සුවිශේෂී මතක සටහන් සමුදායක් අත්පත් කර ගැනීමට Ritzbury Roccoa  විසින් පාපන්දු ලෝලීන්ට අවස්ථාව ලබාදී තිබිණි.

CBL Foods International (පුද්) සමාගමේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී නිලුක්ෂ බැස්ටියන්ස් විසින් මෙහිදී මෙසේ පවසන ලදී. “ලොව පුරා ක්‍රීඩා ලෝලීන් අතර පාපන්දු ක්‍රීඩාව සඳහා පවතින සුවිශේෂී උද්‍යෝගය Ritzbury අපි හඳුනාගත්තා. ක්‍රීඩාවක ඉහළම තලයකට ළඟා වූ ක්‍රීඩකයන්ට, තමන් එම ක්‍රීඩාවට දක්වන ආශාව, විනය සහ කැපවීම තුළින් තරඟකාරිත්වයේ උද්යෝගයෙන් ඔබ්බට ගොස්, ක්‍රීඩා ලෝලීන් හට ආදර්ශයක් ලබාදීමට හැකියාවක් තිබෙනවා. ලියොනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු ඔවුන්ගේ විශිෂ්ට ක්‍රීඩා ජීවිතය තුළින් මෙන්ම, පාපන්දුක්‍රීඩාව සඳහා ලබාදුන් ඉහළ කැපවීම තුළින් ලොව පුරා මිලියන සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ට එම ආදර්ශය ලබා දුන් ක්‍රීඩා තරු දෙකක්. 2026 FIFA ලෝක කුසලානය ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ වඩා වැඩි අවධානයක් දිනා ගත් බැවින්, වාසනාවන්ත ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙකුට මෙම සංකේතාත්මකව අත්සන් කරන ලද පාපන්දු ජර්සි ප්‍රදානය කිරීම හරහා පාපන්දු ඉතිහාසයේ කොටස්කරුවන් වීමට අවස්ථාව ලබා දීමට හැකිවීම ගැන අපි සතුටු වනවා. මෙම ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ, පාපන්දු පුරාවෘත්තයන් දෙකක විශිෂ්ට ගමන් මග ශ්‍රී ලාංකීය රසිකයින් සමඟ බෙදා ගන්නා අතරම, පාපන්දු ක්‍රීඩාවේ අරුතද සැමරීමයි අපේ බලාපොරොත්තුව වූයේ.”

මෙසී සහ රොනාල්ඩෝ විසින් අත්සන් කරන ලද මෙම ජර්සි දෙකට අමතරව, Ritzbury Roccoa  විසින් විශේෂයෙන් සකස් කරන ලද තවත් ජර්සි 300 ක් ද මෙම ප්‍රවර්ධන  වැඩසටහන ඔස්සේ පිරිනමන ලද අතර, ඒ ඔස්සේ පාපන්දු ක්‍රීඩාව සඳහා තිබෙන උද්යෝගයට අමතරව වටිනා පාපන්දු සිහිවටනයක් ලබාගැනීමට තවත් බොහෝ පාපන්දු ලෝලීන්ටද අවස්ථාව උදාවිණි. 

ලොව විශාලතම පාපන්දු සැණකෙලියක උද්යෝගය විඳින අතරතුර, පාපන්දු ඉතිහාසයේ නොමැකෙන සිහිවටනයන් ප්‍රදානය කරමින්,  ලාංකේය පාපන්දු ලෝලීන් හට අමතක නොවන අත්දැකීමක් ලබා දීම සඳහාම Ritzbury Roccoa විසින් සැලසුම් කරන ලද මෙම ප්‍රවර්ධන වැඩසටහන, මෙසී සහ රොනාල්ඩෝ විසින් අත්සන් කළ ජර්සි ජයග්‍රාහකයන්ට ප්‍රදානය කිරීමත් සමඟ අවසන් විණි.

 

ඡායාරූපය: 

ඉහළ - සීමාසහිත CBL Foods International (පුද්) සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කමල් ගීගනගේ විසින්, Ritzbury Roccoa ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයෙකු වන රමේෂ් කාර්වාල්හෝ හට පාපන්දු තරුව ලියොනල් මෙසී විසින් පුද්ගලිකව අත්සන්  තබන ලද 2026 ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමේ ජර්සියක් ප්‍රදානය කරන අවස්ථාව. Ritzbury ජ්‍යෙෂ්ඨ සන්නාම ප්‍රවර්ධන කළමනාකරු පංචමය රත්නායක; ජ්‍යෙෂ්ඨ සන්නාම විධායක නිලධාරී පසන් හේරත්; Ritzbury සන්නාම කළමනාකරු දුලන්ජන් අබේසේකර; CBL Foods International (පුද්) සමාගමේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී නිලුක්ෂ බැස්ටියන්ස්; අලෙවිකරණ කළමනාකරු අරුණ ලියනපතිරණ; සහ Ritzbury සහකාර සන්නාම කළමනාකරු රන්දුල වික්‍රමාරච්චි ද ඡායාරූපයේ සිටිති. 

පහළ - CBL Foods International (පුද්) සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කමල් ගීගනගේ විසින්, Ritzbury Roccoa ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයෙකු වන පසිඳු අංජන වික්‍රමසිංහ හට, පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් පුද්ගලිකව අත්සන් තබන ලද පෘතුගාල ජාතික කණ්ඩායමේ ජර්සියක් පිරිනමන අවස්ථාව. Ritzbury ජ්‍යෙෂ්ඨ සන්නාම ප්‍රවර්ධන කළමනාකරු පංචමය රත්නායක; ජ්‍යෙෂ්ඨ සන්නාම විධායක නිලධාරී පසන් හේරත්; Ritzbury සන්නාම කළමනාකරු දුලන්ජන් අබේසේකර; CBL Foods International (පුද්) සමාගමේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී නිලුක්ෂ බැස්ටියන්ස්; අලෙවිකරණ කළමනාකරු අරුණ ලියනපතිරණ; සහ Ritzbury සහකාර සන්නාම කළමනාකරු රන්දුල වික්‍රමාරච්චි ද ඡායාරූපයේ සිටිති. 

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%