header logo
Top News
සුරාබදු අනුමැතියෙන් පසු සිය බියර් සමාගමේ මෙහෙයුම් සෘජුවම ඩිස්ටිලරීස් කම්පැනි යටතට. කොටස් මිලත් වාර්තා ගත ලෙස ඉහළට
සුරාබදු අනුමැතියෙන් පසු සිය බියර් සමාගමේ මෙහෙයුම් සෘජුවම ඩිස්ටිලරීස් කම්පැනි යටතට. කොටස් මිලත් වාර්තා ගත ලෙස ඉහළට

මෙරට ලැයිස්තුගත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඕෆ් ශ්‍රී ලංකා (DCSL PLC ), සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන DCSL බෲවරීස් ලංකා සමාගම (DCSL Breweries Lanka Ltd) සතුව පැවති බියර් නිපදවීම, ඇසුරුම් කිරීම සහ බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු සෘජුවම DCSL PLC සමාගම වෙත පැවරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. සමාගමේ මෙම අභ්‍යන්තර මෙහෙයුම් හුවමාරුව ඊයේ (28) දින සිට ක්‍රියාත්මක් වනු ඇත.

අදාළ බලපත්‍ර පැවරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිල අනුමැතිය ලබාගෙන ඇති බව DCSL PLC සමාගම තහවුරු කර ඇත. ඒ අනුව, දැනට සිදුකරන සැර මත්පැන් නිෂ්පාදනය, බෝතල් කිරීම සහ බෙදාහැරීමේ කටයුතුවලට අමතරව, බියර් නිපදවීම, ඇසුරුම් කිරීම සහ බෙදාහැරීමේ කටයුතු ද මින් ඉදිරියට DCSL PLC සමාගම විසින් සෘජුවම සිදු කරනු ඇත.

මෙම පැවරීමෙන් පසුව, බලපත්‍රලත් ජාත්‍යන්තර බියර් සන්නාම වන Heineken, Tiger, සහ Anchor මෙන්ම, සමාගම සතු Aliya, Bison, සහ DCSL Beer යන දේශීය සන්නාම ද ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම DCSL PLC විසින් සිදු කරනු ලැබේ.

මෙම නිවේදනයත් සමඟින් DCSL සමාගමේ කොටස් මිල අද (29) දිනයේ දී කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන අතර පස්වරු 1.20 පමණ වන විට DCSL සමාගමේ කොටසක මිල රු. 55.90 ක් දක්වා රු. 3.90කින් වැඩි වී තිබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව 7.50%ක සුවිශේෂී මිල ඉහළ යාමක් වේ.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%