header logo
Top News
කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස අදත් ඉහළට. ASPI යළි විසිදහස පසුකරයි
කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස අදත් ඉහළට. ASPI යළි විසිදහස පසුකරයි

අඛණ්ඩ දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 200 ඉක්ම වූ වර්ධනයක් අත්පත් කර ගැනීමට අද (29) දිනයේ දී සමත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස සියලු කොටස් මිල දර්ශක අගය නැවත වරක් ඒකක 20,000 සීමාව අභිබවා යාම, දිනයේ දැකිය හැකි වූ සුවිශේෂී සිදුවීමකි.

සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 1.49%ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 296.93කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒ අනුව ඒකක 20,267.15ක් ලෙසින් වාර්තා විය.

S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 81.35ක ඉහළයාමක් වාර්තා කළේ පෛර දිනය හා සැසඳීමේ දී 1.43%ක වර්ධනයක් සමගිනි. ගනුදෙනු අවසානයේ දී S&P SL20 දර්ශක අගය ඒකක 5,773.92ක් ලෙසින් සටහන් වුණි.

මේ අතර දෛනික පිරිවැටුම රු. බිලියන 2 සීමාව ඉක්මවමින් රු. බිලියන 2.27ක් ලෙසින් වාර්තා විය.

 

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%