header logo
Top News
ලොව ප්‍රමුඛ පෙළේ CFMOTO සහ ZEEHO මෝටර් සයිකල් දැන් Hayleys වෙතින්
ලොව ප්‍රමුඛ පෙළේ CFMOTO සහ ZEEHO මෝටර් සයිකල් දැන් Hayleys වෙතින්

Hayleys Mobility, ශ්‍රී ලංකාවේ ප්‍රථම CFMOTO ප්‍රධාන ප්‍රදර්ශනාගාරය නිල වශයෙන් විවෘත කරයි

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), කොළඹ 10, ඩීන්ස් පාරේ අංක 200 දරණ ස්ථානයේ සිය ප්‍රථම CFMOTO ප්‍රධාන ප්‍රදර්ශනාගාරය (Flagship Showroom) විවෘත කරමින් ශ්‍රී ලංකාවේ මෝටර් සයිකල් වෙළඳපොළ වෙත නිල වශයෙන් පා තබන ලදී.

ලොව ප්‍රමුඛතම මෝටර් සයිකල් සන්නාමයක් වන CFMOTO හි ප්‍රීමියම් මෝටර් සයිකල් සහ ZEEHO විදුලි ස්කූටර් (Electric Scooters) එකම වහලක් යටට ගෙන එන මෙම ප්‍රදර්ශනාගාරය හරහා, Adventure touring, Sport riding, Cruising සහ එදිනෙදා ගමන්බිමන් ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි Hayleys Mobility හි නිෂ්පාදන පරාසය පුළුල්ව ඇතුළත් කර ඇත. එමෙන්ම, විවිධ අවශ්‍යතා සහිත ධාවකයින්ට සේවය සපයන මෙමගින්, ‘ඕනෑම ගමනකට එක් සන්නාමයක්’ (One Brand for Every Journey) යන ආයතනයේ පොරොන්දුව තවදුරටත්  ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කරවයි.

CFMOTO මාදිලි පරාසයේ ප්‍රධානතම ආකර්ෂණය වන 450MT මෝටර් සයිකලයට අමතරව, 125NK සහ 250NK Naked street bikes, 250SR සහ 450SR Sport motorcycles, සහ 250CL-C Cruiser මාදිලි ද මෙහි ඇතුළත් වේ. එදිනෙදා නගරාශ්‍රිත ගමන්බිමන් සඳහා පහසුව සොයන පාරිභෝගිකයන් වෙනුවෙන් 150AURA Classic scooter සහ 150SC මාදිලි ද ඉදිරිපත් කර ඇත.

මීට අමතරව, ZEEHO සන්නාමය හරහා පරිසර හිතකාමී විදුලි මොබිලිටි විසඳුම් (Electric Mobility) හඳුන්වා දෙන අතර, එහි AE සහ EZ මාදිලි යටතේ AE4, AE7 Pro, AE8 Max මෙන්ම EZ3i සහ EZ4 යන ස්කූටර් මාදිලි නාගරික ධාවකයින් සඳහා තෝරාගැනීමට පහසුකම් සලසා ඇත.
මෙම ව්‍යාපාරික පුළුල් කිරීම පිළිබඳව අදහස් දක්වමින් හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ පැවසීය:

"මෝටර් සයිකල් වෙළඳපොළට අප මෙසේ ප්රවේශ වීම, Hayleys Mobility හි නිෂ්පාදන පරාසය පුළුල් කිරීමට සහ නව පාරිභෝගික කාණ්ඩ වෙත ළඟා වීමට තැබූ වැදගත් පියවරක්. එමඟින් වසර 148 ක දීර්ඝ ඉතිහාසයක් ඇති Hayleys PLC හි විශ්වාසනීයත්වය සහ විශිෂ්ට සේවාව සමඟ ජාත්යන්තර සන්නාම ශ්රී ලාංකේය පාරිභෝගිකයා වෙත ගෙන ඒමට අපි කටයුතු කරනවා."

Hayleys Mobility Limited හි විධායක අධ්යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය:
"මෝටර් සයිකලයක් තෝරාගැනීම යනු පුද්ගලික තීරණයක්. එය ඔවුන් ගමන් කරන ආකාරය, ප්රිය කරන දේ සහ ධාවන අත්දැකීමෙන් අපේක්ෂා කරන දේ මත තීරණය වෙනවා. අපගේ CFMOTO ප්රධාන ප්රදර්ශනාගාරය හරහා CFMOTO සහ ZEEHO සන්නාමයන් එකම ස්ථානයකින් ලබාදෙන අතර, පාරිභෝගිකයින්ට මෙම මාදිලි පිළිබඳව අධ්යයනය කිරීමට, අපගේ කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට සහ Test Rides මගින් ප්රායෝගික අත්දැකීමක් ලබාගැනීමට ද පහසුකම් සලසා තිබෙනවා. නිවැරදි මාදිලිය තෝරාගැනීමට සහාය වීමේ සිට අලෙවියෙන් පසු නඩත්තු සේවා දක්වා, පාරිභෝගිකයා සමඟ මිලදී ගැනීමෙන් ඔබ්බට ගිය දීර්ඝකාලීන සබඳතාවක් ගොඩනැගීම අපගේ මූලිකම අරමුණ වෙනවා."


CFMOTO හි කොළඹ, ඩීන්ස් පාරේ පිහිටි ප්රධාන ප්රදර්ශනාගාරයට අමතරව, Hayleys Mobility දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයින් (Authorised dealer Partners) 44 දෙනෙකු නිල වශයෙන් සම්බන්ධ කරගෙන ඇත. කොළඹින් ඔබ්බට සේවාවන් ව්යාප්ත කරමින් මහවැව, මොරටුව, පිළියන්දල, දෙමටගොඩ, කළුතර, තලවතුගොඩ, මහරගම, කඩුවෙල, ගම්පහ සහ මරදාන යන ප්රදේශයන්හි මෙම අලෙවි නියෝජිත ජාලය ක්රියාත්මක වේ.


අලෙවියෙන් පසු සේවා (Servicing), වගකීම් සහතිකය (Warranty Support) සහ නියම අමතර කොටස් (Genuine Spare Parts) ඇතුළු Hayleys Mobility හි සියලුම අලෙවියෙන් පසු සේවාවන් පාරිභෝගිකයින්ට දැන් පහසුවෙන් ලබාගත හැක.


වැඩිදුර තොරතුරු සඳහා 0112 222 222 අංකයෙන් Hayleys Mobility ඇමතීමට හෝ www.cfmotolanka.lk වෙබ් අඩවියට පිවිසිය හැක.
 

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%