
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2026 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3ක් දක්වා ඉහළ යන ලදී.
මේ අතර, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 8.7හි සිට 2026 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.8 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 7.7 මට්ටෙම් සිට 2026 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.0 ක් දක්වා ඉහළ ගොස් තිබේ.











