
කොළඹ නගරයේ අතිවිශිෂ්ටතම බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ දැක්ම තවදුරටත් සාක්ෂාත් කරමින්, ඔවර්සීස් රියල්ටි (සිලෝන්) පී.එල්.සී. සමාගම හැව්ලොක් සිටි හි පස්වන සහ අවසාන අදියර වන "හැව්ලොක් සිටි රෙසිඩෙන්සස්" (Havelock City Residences) නිල වශයෙන් දියත් කරන බව පසුගියදා නිවේදනය කළේය. එම නිල උත්සවය 2026 ඔක්තෝබර් 29 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
නිල වශයෙන් දියත් කිරීමටත් ප්‍රථම, එහි ඇති නිවාසවලින් 50% ක්ම අලෙවි වී තිබීමෙන් ප්‍රබල වෙළෙඳපොළ විශ්වාසයක් පෙන්නුම් කරන අතර, ඉඩකඩ, හරිත පරිසරය, සබඳතාවය සහ සමකාමී නාගරික ජීවන රටාව එක්තැන් කළ හැව්ලොක් සිටි හි විශිෂ්ටත්වයට හිමි ඉහළ ඉල්ලුම මෙයින් වඩාත් පැහැදිලි වේ.
අක්කර 18 ක භූමි භාගයක පැතිර ඇති හැව්ලොක් සිටි සංකීර්ණය, ශ්‍රී ලංකාවේ තනි භූමි භාගයක් තුළ පිහිටි විශාලතම හරිත පරිසර පද්ධතිය වන අක්කර 7 ක අලංකාර ලෙස සකස් කළ උද්‍යානයකින් සමන්විත වේ. සිංගප්පූරුවේ සම්මානනීය P&T Group ආයතනය විසින් නිර්මාණය කරන ලද හැව්ලොක් සිටි රෙසිඩෙන්සස්, ස්වාභාවික ආලෝකය, වාතාශ්‍රය, පෞද්ගලිකත්වය සහ මනරම් දර්ශනයන් උපරිම වන පරිදි නිදන කාමර දෙක, තුන සහ හතරකින් යුත් මහල් නිවාස මෙන්ම සුඛෝපභෝගී Penthouse නිවාසවලින් ද සමන්විත වේ.
ඇවිදීමේ මාවත්, ව්‍යායාම කිරීම සඳහා ශාලා, ස්කොෂ් ක්‍රීඩාංගණ, උත්සව ශාලා සහ විවේකීව කාලය ගත කිරීමට වෙන් කළ විශේෂිත ස්ථාන ඇතුළු විනෝදාත්මක සහ ජීවන රටා පහසුකම් රැසක් නේවාසිකයින්ට හිමිවේ. මීට අමතරව, සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින්ගේ ප්රවේශවීමේ පහසුව, ස්වාධීනත්වය, ආරක්ෂාව සහ මානසික සහනය තහවුරු කෙරෙන සහායක ජීවන සංකල්පය (Assisted living concept) මගින් මෙම ව්‍යාපෘතියේ අගය තවදුරටත් ඉහළ නංවයි.
හැව්ලොක් සිටි මෝල් (Havelock City Mall) සහ මිරේකා කාර්යාල කුලුන (Mireka Office Tower) මෙම සංකීර්ණයටම අනුයුක්ත කර ඇති බැවින්, සාප්පු සවාරි, ආහාර පාන, විනෝදාස්වාදය සහ දෛනික අවශ්‍යතා සඳහා නේවාසිකයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැක. නේවාසික, වාණිජ සහ නවීන ජීවන රටා අත්දැකීම්වල මෙම සාර්ථක එකතුව, නිදහස් හා ශාන්ත පරිසරයක නාගරික ජීවිතයේ පහසුව විඳීමට කැමති අයට හැව්ලොක් සිටි අසමසම ස්ථානයක් බවට පත් කරයි.
මෙම නිල එළිදැක්වීම පිළිබඳව සිය අදහස් දක්වමින් ඔවර්සීස් රියල්ටි (සිලෝන්) පී.එල්.සී. සමාගමේ අධ්‍යක්ෂක සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීර් සමරසිංහ මහතා මෙසේ පැවසීය. "කොළඹ වඩාත්ම ජනප්‍රිය නාගරික නේවාසික ගමනාන්තය බවට හැව්ලොක් සිටි පත් කිරීමේ අපගේ ගමනේ තීරණාත්මක සංධිස්ථනයක් ලෙස හැව්ලොක් සිටි රෙසිඩෙන්සස් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පස්වන සහ අවසාන අදියර ලෙස, හැව්ලොක් සිටි රෙසිඩෙන්සස් මෙම දැක්ම එහි උපරිමයට ගෙන එන අතර, ස්ථාපිත ප්‍රජාවක් තුළ ඉඩකඩ, හරිත පරිසරය, පාරිසරික සබඳතාවය සහ නූතන සුඛෝපභෝගී බවේ දුර්ලභ එකතුවක් මෙමඟින් නිවාස හිමියන්ට පිරිනමනු ලබනවා. මෙම අවසාන පියවර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වන අතර, හැව්ලොක් සිටි ප්‍රජාව වෙත තවත් ප්‍රභූ නේවාසිකයින් පිරිසක් සාදරයෙන් පිළිගැනීමට අප බලාපොරොත්තු වෙනවා."
හැව්ලොක් සිටි සහ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය (World Trade Center Colombo) පිටුපස සිටින ඔවර්සීස් රියල්ටි සිලෝන් පී.එල්.සී. සමාගම විසින් මෙය සංවර්ධනය කරනු ලබන අතර, එය ශ්‍රී ලංකාවේ සන්ධිස්ථානීය දේපළ වෙළඳාම් ව්‍යාපෘති නිර්මාණය කිරීමේ දැවැන්ත උරුමය මත පදනම් වේ. මෙම ව්‍යාපෘතිය එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන රියල්ටි මැනේජ්මන්ට් සර්විසස් (Realty Management Services) මඟින් වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරනු ලබන අතර, අඛණ්ඩ දේපළ කළමනාකරණය මෙන්ම කරදරයකින් තොරව නිවාස කුලියට දීමේ සහ නැවත අලෙවි කිරීමේ සහායක සේවාවන් ද සපයනු ලබයි.
හැව්ලොක් සිටි හි අවසාන අදියර ලෙස, මෙම ව්‍යාපෘතිය නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට අසමසම පරිපූර්ණ ජීවන රටාවක ප්රතිලාභ භුක්ති විඳිමින්, මෙම සුවිශේෂී නේවාසික ප්‍රජාවේ කොටස්කරුවෙකු වීමට ලැබෙන ස්වර්ණමය මෙන්ම අවසාන අවස්ථාව ද වේ.
එසේම 2030 වසරේ නොවැම්බර් මස වන විටමෙම ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට අපේක්ෂිතව පැවතීම ද සුවිශේෂීත්වයකි.
වැඩිදුර විස්තර සඳහා - අමතන්න 070 350 5100 හෝ පිවිසෙන්න www.havelockcity.lk.












