header logo
Top News
2026 මාස 10ක දී කොටස් වෙළෙඳපොළ 10.97%කින් කඩා වැටිලා
2026 මාස 10ක දී කොටස් වෙළෙඳපොළ 10.97%කින් කඩා වැටිලා

කොළඹ කොටස් වෙළෙඳපොළ 2026 වසරේ මුල් මාස 10 තුළ දී 10.97%ක පහළ යාමක් වාර්තා කර ඇති බව කොටස් වෙළෙඳපොළ නිල දත්ත වාර්තා පෙන්වා දේ.

පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 30) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,142.33ක් ලෙසින් සටහන්ව තිබූ අතර එය වසර ආරම්භයේ දී අගය වූ ඒකක 22,624.31ට සාපේක්ෂව ඒකක 2,481.98 ක හෙවත් 10.97%ක පහළ යාමක් වේ.

මෙම කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ අනෙක් ප්‍රධාන මිල දර්ශකය වන S&P SL20 දර්ශකය ඒකක 6,157.38 සිට ඒකක 5,746.40ක් දක්වා ඒකක 410.98කින් හෙවත් 6.67%කින් පහළ ගොස් ඇත.

මේ අතර පසුගිය ඔක්තෝබර් මාසය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙහි වටිනාකම රු. බිලියන 441.17කින් පහළ ගොස් තිබේ. 2026 සැප්තැම්බර් මාසය අවසන් වන විට කොටස් වෙළෙඳපොළ, සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. බිලියන 7,548.18ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එම අගය පසුගිය ඔක්තෝබර් 30 වන දා වන විට රු. බිලියන 7,107.01ක් දක්වා ඒ අනුව අඩු වී තිබිණි.
 

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%