
2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09ක කාලපරිච්ඡේදය තුළ මෙරට ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 2,961.3 සිට ඩොලර් මිලියන 4,487.2ක් දක්වා 51.5%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.
ප්‍රධාන වශයෙන් පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන වියදම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඩොලර් මිලියන 2,171.4 සිට ඩොලර් මිලියන 3,483.7ක් දක්වා 60.4%කින් ඉහළ යාම මෙලෙස 2026 මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම වැඩි වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
කෙසේවෙතත් 2026 සැප්තැම්බර් මාසය තුළ ඉන්ධන ආනයන වියදම 2025 වසරේ සැප්තැම්බර් මාසයේ ඉන්ධන ආනයන වියදම වූ ඩොලර් මිලියන 440.7ට සාපේක්ෂව 5.8%ක පහළ යාමක් වාර්තා කර ඇත. 2026 සැප්තැම්බර් මාසයේ ඉන්ධන ආනයන වියදම වාර්තා වන්නේ ඒ අනුව ඩොලර් මිලියන 415.1ක් ලෙසිනි.












