header logo
Top News
වසර 108ක් පැරණි ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙයි. දින 5කින් ලියාපදිංචි කිරීමේ නියමු ව්‍යපෘතිය ඇරඹේ
වසර 108ක් පැරණි ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙයි. දින 5කින් ලියාපදිංචි කිරීමේ නියමු ව්‍යපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල, කාර්යක්ෂම හා පහසු කිරීමේ අරමුණින් හඳුන්වා දෙන සරල හා ඒකාබද්ධ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ (Simplified and Unified Business Name Registration – BNR) නියමු ව්‍යාපෘතිය ඊයේ (10) අනුරාධපුරයේදී ආරම්භ කෙරිණි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, Chrysalis ආයතනය සහ පළාත් සභාවන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ අරමුණ තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කර දිවයින පුරා ඒකාකාරී ක්‍රමවේදයක් හඳුන්වාදීමයි.
1918 වසරේ සිට පැවති පැරණි ක්‍රමවේදය තුළ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ ලේඛන සහ විවිධ ආයතනවල අනුමැතීන් ලබාගැනීම වැනි සංකීර්ණ අවශ්‍යතා පැවතිණි. නව ප්‍රතිසංස්කරණය මඟින් ව්‍යාපාර නාම ලියාපදිංචිය සහ වෙනත් නීතිමය බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය වෙන්කර, මූලික අනන්‍යතා හා පදිංචි තොරතුරු පදනම් කරගනිමින් දින පහක් වැනි කෙටි කාලයකදී ලියාපදිංචිය සිදුකිරීමට අවස්ථාව සැලසීමට අපේක්ෂා කෙරේ.

මෙහි පළමු අදියර ලෙස මධ්‍යම, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක මාස තුනක නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.

නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය ඇගයීමෙන් අනතුරුව මෙම ක්‍රමවේදය දිවයින පුරා ව්‍යාප්ත කිරීමටත්, ඉදිරියේදී ඩිජිටල් පද්ධතියක් හරහා සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීමටත් සැලසුම් කර තිබේ.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පවතින පරිපාලනමය බාධා අවම කරමින් විධිමත් ආර්ථිකයට පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සැලසීම මෙම ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණයි.

මෙම සමාරම්භක උත්සවය සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනෝජා හේරත්,ව්‍යවසායකත්ව සංවර්ධන අධ්‍යක්ෂිකා සුසන්ති ජයසිංහ, ව්‍යවසායකත්ව සංවර්ධන අධ්‍යක්ෂිකා එවැන්ජලින් සින් ක්ලෙයාර්, Chrysalis ආයතන ප්‍රධානී අශිකා ගුණසේන මහත්මිය, ජ්‍යෙෂ්ඨ උපදේශක පද්මසිරි ගුණවර්ධන ඇතුළු අදාළ පළාත් සහ ප්‍රාදේශීය පරිපාලන ආයතන නියෝජනය කරමින් ලේකම්වරු ඇතුළු නිලධාරීන් සහ ව්‍යාපෘතියට සම්බන්ධ විෂයභාර නිලධාරීන් සහභාගී වූහ.

MostRead
VideoStories
BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%