
ප්‍රාග්ධන වෙළෙඳපොළ හරහා ආයෝජන දිරිගැන්වීම් වෙනුවෙන් 2027 අයවැයෙන් රු. මිලියන 500ක් වෙන් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (12) 2027 අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
"කොළඹ කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ වී සක්‍රීය ලෙස ගණුදෙනු කරන සංඛ්‍යාව අවුරුදු 18 ට වැඩි ජනගහනයෙන් 0.7% ක් පමණ වේ. එබැවින් "දැනගමු ඉගෙන ගමු ආයෝජනය කරමු" යන දැක්ම යටතේ “සැමට කොටසක්” නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. පාසැල් තුළ, උසස් පෙළ හදාරන, 13 ශ්‍රේණියේ, වයස 18 ට වඩා වැඩි දරුවන් සක්‍රීයව කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ කර ගැනීමේ අරමුණෙන් විධිමත් තෝරා ගැනීමේ පටිපාටියකට අනුව, රු. 10,000/- උපරිමයකට යටත්ව කොටස් කළඹක් ලබා දීමේ ව්‍යාපෘතිය හඳුන්වාදීමට යෝජනා කරනවා."
"ආර්ථිකයට සහ රැකියා උත්පාදනයට ඉහළ දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම දිරි ගැන්වීමට ක්‍රමවේදයක් (SME Listing Support Mechanism) හඳුන්වාදීමට යෝජනා කරනවා.ඉහත යෝජනාවන් වෙනුවෙන්කොළඹ කොටස් හුවමාරුව රු. මිලියන 250 ක් යොදවන අතර, ඒ සඳහා අමතර රු. මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා."



















