
ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ ජාලයට සම්බන්ධ කිරීම සඳහා පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ තවත් රාජ්‍යයන් සමඟ නව වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.
එම අයවැය යෝජනාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
- ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් කිරීම සඳහා මේ වන විටත්, අමාත්‍ය මණ්ඩලය විසින් නිලධාරි කමිටුවක් පත්කර තිබෙනවා.
- චීනය සමඟ නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
- කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වයට (RCEP) ඇතුළත්වීම සඳහා ඉල්ලුම් කර තිබෙනවා.
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය සමඟ විස්තීර්ණ ආර්ථික හවුල්කාරී ගිවිසුම්වලට එළඹීමට බලාපොරොත්තු වෙනවා.
- අපනයන තරගකාරීත්වය, අපනයන විවිධාංගීකරණය සහ තිරසර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම උදෙසා, 2027-2030 කාලය තුළ රු. මිලියන 3,430 ක යුරෝපා සංගම් ප්‍රදාන යටතේ “ශ්‍රී ලංකා-යුරෝපා සංගම් තිරසර වෙළෙඳ හා ආර්ථික ඒකාබද්ධ ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කරනවා.
එමෙන්ම, ශක්‍යතා අධ්‍යයනයකින් පසු වෙනත් රටවල් සමඟ නව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට අප කටයුතු කරනවා.



















