header logo

Daily Exchange Rates

Nov 20, 2026
Analysis
2015 රාජ්‍ය වියදම සියයට 17 කින් ඉහළට. මෙන්න! ඇත්තම කතාව
2015 රාජ්‍ය වියදම සියයට 17 කින් ඉහළට. මෙන්න! ඇත්තම කතාව

2015 වසර වෙනුවෙන් රජයේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අද අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ලබන වසර වෙනුවෙන් රජය වියදම් කිරීමට සැලසුම් කර තිබෙන මුදල 2014 වසරට සාපේක්ෂව සියයට 17 කින් පමණ ඉහළ දමා තිබේ.

මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ 2015 විසර්ජන පනත් කෙටුම්පතින් රුපියල් බිලියන 3053 ක වියදමක් කිරීමට සැලසුම් කර තිබෙන බවත් 2014 වසරේ විසර්ජන පනත් කෙටුම්පතින් වියදම් කිරීමට සැලසුම් කළ වියදම රුපියල් බිලියන 2599 ක් බවයි.

මේ අනුව, 2015 වසරේදී රාජ්‍ය වියදම රුපියල් බිලියන 450 කින් පමණ වැඩිවීමට නියමිතයි.

රජයේ පොදු සේවා පවත්වාගෙන යාම සඳහා ලබන වසර වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලින් ලබාගැනීමට බලාපොරොත්තු වන වියදම රුපියල් බිලියන 1812 ක් වන අතර ණය සේවාකරණ ගෙවීම්, ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ අංශයේ වියදම්, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම්, අත්තිකාරම් ගෙවීම් ඇතුළත් වන 2015 රජයේ අනිවාර්ය වියදම රුපියල් බිලියන 1241 කි. මෙම වියදම් සියල්ල එකතු වූ විට 2015 සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3053 ක් වේ.

මීට අමතරව, 2014 වෙනුවෙන් සියයට 5.2 ක අයවැය හිඟයක් පවත්වා ගැනීමේ ඉලක්කයෙන් තවදුරටත් ඉදිරියට ගොස් ලබන වසරේදී අයවැය හිඟය සියයට 4.4 ක් දක්වා අඩුකිරීමටත් ආර්ථික වර්ධන වේගය සියයට 8.2 ක් දක්වා වැඩිකිරීමටත් සැලසුම් කර තිබේ.
මේ වසරේ දෙවන කාර්තුවේදී සියයට 7.8 ක ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ලංකාව සමත්වූ අතර සමස්තයක් ලෙස මේ වසරේදී අපේක්ෂිත ආර්ථික වර්ධනය වන්නේද සියයට 7.8 කි.

2015 වසරේදී රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 6.5 ක් දක්වා වැඩිකිරීමටත් උද්ධමනය සියයට 5.5 ක මට්ටමක තබා ගැනීමටත් අපේක්ෂා කරයි.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට සියයට 75 ක පමණ තිබෙන රාජ්‍ය ණය ප්‍රමාණය ලබන වසරේදී සියයට 71 ක් දක්වා අඩුකිරීමටද සැලසුම් කර තිබේ.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%