header logo
Analysis
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති
Aug 05, 201512:27 PM
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති

පසුගිය ජූලි මාසයේදී චීන සංචාරකයින් 25,120 දෙනෙකු ලංකාවට පැමිණෙමින් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රට බවට පත්වීමට චීනය සමත්වී තිබෙන අතර ඉන්දියාව දෙවන තැනට පත්ව තිබීම කැපී පෙනේ.

මේ අනුව, ගෙවුණු ජූලි මාසයේදී ලංකාවට චීන සංචාරකයින්ගේ පැමිණීම ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 65.5 ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

මීට අමතරව, කැපී පෙනෙන තවත් කාරණාවක් වන්නේ ජූලි මාසයෙන් අවසන් වන මාස 07 තුළදී චීනයෙන් ලංකාවට සංචාරකයින් 119,705 දෙනෙකු පැමිණ තිබීමත් එය සියයට 77 ක වර්ධනයක් පෙන්වා තිබීමයි.

එසේම, පසුගිය ජූලි මාසයේදී මෙරටට ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 24,681 ක් වන අතර එය සියයට 28 ක වර්ධනයකි. ජූලි වලින් අවසන් වන මාස 07 තුළදී ඉන්දියාවෙන් ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 170,134 ක් වන අතර එය සියයට 27.4 ක වර්ධනයක් පෙන්වා ඇත.

ජූලි මාසයේදී බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 18 කින්ද, නැගෙනහිර යුරෝපයෙන් පැමිණි ප්‍රමාණය සියයට 16.7 කින්ද වර්ධනය වී තිබෙන අතර සමස්තයක් ලෙස ගත්විට රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 31 කින් වර්ධනය වී තිබේ. මේ අනුව, ජූලි මාසයේදී මෙරටට සංචාරකයින් 175,804 දෙනෙකු පැමිණ තිබේ.

ජූලි වලින් අවසන් වන මාස 07 තුළදී ලංකාවට සංචාරකයින් 1,005,855 ක් පැමිණ තිබෙන අතර එය සියයට 16.8 ක වර්ධනයකි.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%