header logo
Analysis
මහ බැංකුවෙන් තවත් ඩොලර් බැඳුම්කර නිකුතුවක්
Aug 14, 201511:34 AM
මහ බැංකුවෙන් තවත් ඩොලර් බැඳුම්කර නිකුතුවක්

ඩොලර් සංවර්ධන බැඳුම්කර නිකුතුවක් කරමින් රජය ඩොලර් මිලියන 172.37 ක් රැස්කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙහිදී, මාස 19 කින් කල් පිරෙන බැඳුම්කර සඳහා රජය විසින් ඩොලර් මිලියන 78.1 ක ලංසු පිළිගෙන තිබෙන අතර ඩොලර් මිලියන 118.10 ක ලංසු ලැබී තිබේ. මෙහිදී පොලී අනුපාතය වන්නේ මාස හයේ ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතයට (LIBOR) වඩා පදනම් අංක 349.47 ක් වැඩි පාවෙන පොලී අනුපාතයකි.

මීට අමතරව, මාස 29 කින් කල් පිරෙන බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 94.27 ක ලංසු පිළිගෙන තිබෙන අතර එහි පොලී අනුපාතය වන්නේ මාස හයේ ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතයට (LIBOR) වඩා පදනම් අංක 373.83 ක් වැඩි පාවෙන පොලී අනුපාතයකි. මේ සඳහා ඩොලර් මිලියන 101.27 ක් වටිනා ලංසු ලැබී තිබේ.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%