header logo
Analysis
සම්මුතිවාදී ආණ්ඩුවේ ආර්ථික ගමන් මග කෙබඳුද?
Aug 21, 201503:31 PM
සම්මුතිවාදී ආණ්ඩුවේ ආර්ථික ගමන් මග කෙබඳුද?

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරි වසර දෙක වෙනුවෙන් සම්මුතිවාදී ආණ්ඩුවක් (National Government) බිහිකර ගැනීම වෙනුවෙන් අද අත්සන් කළ අවබෝධතා ගිවිසුම කරුණු 10 කින් සමන්විත වේ.

මෙම කරුණු දහය අතුරින් පළමු ස්ථානය ලබාදී තිබෙන්නේ ආර්ථිකය දියුණු කිරීම සම්බන්ධයෙන් වන අතර පක්ෂ දෙකම මෙම ගිවිසුමින් සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් (Social Market Economy) පවත්වාගෙන යාමට එකඟ වී තිබේ. මෙම සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය (Social Market Economy) යන සංකල්පය එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ පංචවිධ ක්‍රියාවලිය නැමති ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ අතර එය සමාජය වෙනුවෙන් වගකියන ආර්ථික ක්‍රමයක් බව සඳහන්ව තිබේ.

මේ අනුව, සම්මුතිවාදී ආණ්ඩුව මිල පාලනය, පාරිභෝගික ආරක්ෂණය හරහා ජනතාවට සහන ලබාදෙන බව සඳහන්ය.

නව ආර්ථිකය තුළ ඇති නැති පරතරය අවම කරමින් ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහිකරන බවත් සියලු දෙනාට සාධාරණ සමාජ ප්‍රතිලාභ ලබාදීම සහතික කරන බව සඳහන් කර ඇත.

මෙහිදී, සමාජයේ කොන්වූ රැකියා විරහිත ජන කොටස්වල සුභ සාධනය කෙරෙහි අවධානය යොමුකරන බවත් පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකරන බවත් පවසා තිබේ.

වැඩිදුරටත් කියා ඇත්තේ රැකියා දස ලක්ෂයක් උත්පාදනය කිරීම සහ ආදායම් ඉහළ නැංවීමට නිශ්චිත වැඩපිළිවෙලක් සම්පාදනය කරන බවයි.

එසේම, ආර්ථීක ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම වෙනුවෙන් කුඩා ඉඩම් සහ නිවාස වෙනුවෙන් ලබාදී තිබෙන රජයේ අවසර පත්‍ර සින්නක්කර ඔප්පු වශයෙන් ප්‍රදානය කරන බවද සඳහන්ය.

දේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් ආර්ථිකයේ බලවේගයක් බවට පත් කිරීමටද පක්ෂ දෙකම එකඟවී තිබේ.

සම්මුතිවාදී ආණ්ඩු ගිවිසුම මෙන්න!
SA234

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%