header logo
Analysis
අඩු මිලට පෙට්‍රල් විකිණෙන්නේ මෙහෙමයි!
Aug 31, 201510:06 AM
අඩු මිලට පෙට්‍රල් විකිණෙන්නේ මෙහෙමයි!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ පෙට්‍රල් මිල අඩුකිරීමෙන් පසුව මේ වසරේ මුල් මාස හතර තුළ මෙරට අලෙවිකළ පෙට්‍රල් ප්‍රමාණය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 16.4 ක් හෙවත් මෙට්‍රික් ටොන් 34,000 කින් වැඩිවී තිබෙන බවයි.

මේ අනුව, මේ වසරේ මුල් මාස හතර තුළදී මෙරට වෙළඳ පොළේ අලෙවි කර තිබෙන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 309,000 කි.

කෙසේවෙතත්, ජල විදුලි උත්පාදනය වැඩිවීම හමුවේ 2015 මුල් මාස හතර තුළ මෙරට අලෙවි කළ ඩීසල් ප්‍රමාණය සියයට 22.7 කින් හෙවත් මෙට්‍රික් ටොන් 173,000 ක් දක්වා අඩුවී තිබේ.

අප්‍රේල් මාසය තනිව ගත්විට මෙරට වෙළඳ පොළේ අලෙවි කළ පෙට්‍රල් ප්‍රමාණය සියයට 20.3 ක් හෙවත් මෙට්‍රික් ටොන් 14,000 කින් මෙට්‍රික් ටොන් 84,000 ක් දක්වා වැඩිවී ඇත.

නව රජය බලයට පැමිණීමෙන් පසුව මෙරට වෙළඳ පොළේ අලෙවි කරන ඉන්ධනවල මිල ගණන් කැපී පෙනෙන ලෙස අඩුකළ අතර මේ වනවිට ලෝක වෙළඳ පොළේද ඛනිජ තෙල් මිල පහළ මට්ටමක ඇත.

කෙසේවෙතත්, ලෝක වෙළඳ පොළේ මිල ගණන් වලට සාපේක්ෂව ලංකාවේ ඛනිජ තෙල් අලෙවි නොකරන නිසා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන රටට බරක් වූ ආයතනයක් බවට කාලාන්තරයක් තිස්සේ පත්ව තිබේ.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%