header logo
Analysis
විද්‍යුත් මෝටර් රථ ආරෝපණයට විදුලි බල මණ්ඩලයෙන් සහන ගාස්තු ක්‍රමයක්
Sep 16, 201512:48 PM
විද්‍යුත් මෝටර් රථ ආරෝපණයට විදුලි බල මණ්ඩලයෙන් සහන ගාස්තු ක්‍රමයක්

නිවසේ සිට කාර්ය බහුල නොවන වේලාවේදී විද්‍යුත් මෝටර් රථයක් ආරෝපණය කිරීමේදී විදුලිය ඒකකයක් සඳහා රුපියල් 13 ක සහන ගාස්තුවක් හඳුන්වා දීමට ලංකා විදුලි බල මණ්ඩලය සූදානම් වේ.

මේ අනුව, විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ මෙම සහන ගාස්තු රාත්‍රී 10.30 සිට අලුයම 5.30 දක්වා කාර්ය බහුල නොවන වේලාවේදී හිමිවන බවයි.

කාර්ය බහුල වේලාවේදී උදෑසන 6.30 සිට උදෑසන 10.30 දක්වා විදුලිය ඒකකයක් සඳහා රුපියල් 54 ක් අයකරන අතර ඉතිරි පැය 13 ක කාලය සඳහා විදුලි ඒකකයක් සඳහා රුපියල් 25 ක් අය කෙරේ.

මේ වනවිට, මෙරට විද්‍යුත් මෝටර් රථ භාවිතය ඉහළ යමින් ඇත.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%