header logo
Analysis
සියළුම රාජ්‍ය බැංකු සහ රක්ෂණ සංස්ථාව මුදල් අමාත්‍යංශයෙන් ගිලිහේ
Sep 22, 201510:57 AM
සියළුම රාජ්‍ය බැංකු සහ රක්ෂණ සංස්ථාව මුදල් අමාත්‍යංශයෙන් ගිලිහේ

සියළුම රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන රැසක පරිපාලනය වර්තමාන රජය විසින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

මෙම අමාත්‍යංශයේ අමාත්‍යවරයා කබීර් හෂීම් මහතා වන අතර නියෝජ්‍ය අමාත්‍යවරයා වන්නේ ඉරාන් වික්‍රමරත්න මහතායි.

මීට පෙර, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන රාජ්‍ය බැංකු සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මුදල් අමාත්‍යංශය යටතට පත්ව තිබුණි.

මීට අමතරව, බෝගල ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්, ලංකා පිඟන් සංස්ථාව, සීමාසහිත කහගොල්ල ඉංජිනේරු සේවා සමාගම, සීමාසහිත බී.සී.සී. සමාගම, රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව, හොටෙල් ඩෙවලපර්ස් පුද්ගලික සමාගම, මිහින් ලංකා සමාගම, සීමාසහිත ලක්දිව ඉංජිනේරු සමාගම, සීමාසහිත වේරහැර ඉංජිනේරු සේවා සමාගම, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම, සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම, සීමාසහිත හලාවත වැවිලි සමාගම, ගල්ඔය වැවිලි සමාගම, ශ්‍රී ලංකා කජු සංස්ථාව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතට අයත්වේ.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%