header logo

Daily Exchange Rates

Nov 20, 2026
Analysis
WhatsApp වෙතින් අපේ දුරකතන සමාගම් වලට මරු පහරක්
WhatsApp වෙතින් අපේ දුරකතන සමාගම් වලට මරු පහරක්

මොහොතින් මොහොත වෙනස් වන නවීන තාක්ෂණය අන් කවරදාකටත් වඩා ව්‍යාපාරික ලෝකය අසුරු සැණින් උඩු යටිකුරු කිරීමට මේ වනවිට සමත්ව තිබෙනවා. ස්මාර්ට් ෆෝන් හෙවත් නවීන ජංගම දුරකතනවල තිබෙන නොමිලේ කෙටි පණිවුඩ යැවිය හැකි ඇප් සේවාවක් නිසා එස්.එම්.එස්. එහෙමත් නැත්නම් දුරකතන සමාගම්වල කෙටි පණිවුඩ ව්‍යාපාරයටද අනාගතයේදී මරු පහරක් එල්ල විය හැකි බවයි නවතම සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙන්නේ.

මෙම කතාන්දරය අපිට සමීප වන්නේ මෙම තර්ජනයට වඩාත් ලක්වන්නේ ආසියාවේ දුරකතන සමාගම් යැයි මෙම සමීක්ෂණයේ දක්වා තිබීම නිසයි.ජංගම දුරකතනයක් භාවිතා කරන ඔබට එහි වඩාත්ම සමීප සේවාව කුමක්දැයි විමසූ විට කෙටි පණිවුඩ යැයි අනිවාර්යෙන්ම පිළිතුරු දේවි. අඩු වියදමින් තමන්ට අවශ්‍ය සන්නිවේදනය සිදුකිරීමට කෙටි පණිවුඩ මගින් හැකිවීම මෙම ජනප්‍රියත්වයට හේතුවයි.මෙම ජනප්‍රියත්වය නිසාම කෙටි පණිවුඩ ව්‍යාපාරික කටයුතු වලින් දුරකතන සමාගම් විශාල ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. නමුත්, එංගලන්තය පදනම් කරගත් බිස්නස් මොනිටර් ඉන්ටර්නැෂනල් උපදේශන ආයතනය කරන තිබෙන නවතම සමීක්ෂණයක් මගින් අනාවරණය කර තිබෙන්නේ ස්මාර්ට් ෆෝන් හෙවත් නවීන ජංගම දුරකතනවල තිබෙන WhatsApp නැමති ඇප් සේවාව නිසා ආසියාවේ දුරකතන සමාගම්වල කෙටි පණිවුඩ ව්‍යාපාරය අනාගතයේදී බිඳ වැටීමේ අවස්ථාවක් තිබෙන බවයි. මෙම WhatsApp නැමති සේවාව තුළින් නොමිලේ සීමා රහිත ලෙස කෙටි පණිවුඩ යැවීමට හැකිවීම නිසා එය වඩාත් ජනප්‍රිය වෙමින් තිබීමත් දුරකතන සමාගම් වලට මුදල් ගෙවා කෙටි පණිවුඩ යැවීම අඩු වෙමින් තිබීමත් මෙයට හේතුවයි. සංවර්ධිත රටවල කෙටි පණිවුඩ භාවිතය දැවැන්තව අඩුවීම මෙයට සාක්ෂි සපයන බවත් මෙම තර්ජනයට මුහුණ දීමට ආසියාවේ දුරකතන සමාගම් සූදානම් විය යුතු බවත් මෙම වාර්තාවෙන් අවධාරණය කර තිබෙනවා.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%