
Top News
ශ්‍රී ලංකා FinTech Festival 2026 ඇරඹෙයි

ශ්‍රී ලංකා FinTech Forum ආයතනය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව, Visa ආයතනයේ අනුග්‍රහය සහිතව සංවිධානය කරන ලද, ‘ශ්‍රී ලංකා FinTech Festival 2026’ හි ප්‍රධාන විධායක නිලධාරීන්ගේ විශේෂ සැසිය (CEOs Night) කොළඹ ශැංග්‍රි-ලා හෝටලයේදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) දින පවත්වන ලදී.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය අනාගතය සක්‍රිය ලෙස හැඩගැස්වීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයන් අතර පවතින සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේය. ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) ශක්තිමත් කිරීම, මූල්‍ය තාක්ෂණික නවෝත්පාදනයන් දිරිමත් කිරීම සහ ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් පරිසර පද්ධතියක් ඔස්සේ රටේ මූල්‍ය ආකර්ෂණය ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛ ඉලක්කයක් බව පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර නියෝජනයක් එක් කරමින්, PictureWealth හි සම-නිර්මාතෘ සහ සිංගප්පූරුවේ DBS බැංකුවේ හිටපු ප්‍රධාන නවෝත්පාදන නිලධාරී නීල් ක්‍රොස් මහතා විසින් "බැංකු ක්ෂේත්‍රයේ අනාගතය" (Future of Banking) යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පවත්වන ලද අතර, ඉන් අනතුරුව ප්‍රධාන විධායක නිලධාරීන්ගේ විශේෂ මණ්ඩල සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙම සුවිශේෂී සමාරම්භක අවස්ථාව සඳහා , ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ GovTech ශ්‍රී ලංකා සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා සහභාගී වූ අතර, ඔවුහු බැංකු, මූල්‍ය සේවා, FinTech සහ රාජ්‍ය අංශයේ නායකයින් අමතමින් සුවිශේෂී දේශනයන් සිදු කළහ.
දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ නව ආයෝජන, උපායමාර්ගික සහයෝගීතාවන් සහ නවෝත්පාදන රැසකට මගපෑදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තවත් ඡායාරූප
MostRead

VideoStories

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28
Stock Market
Market Closed
Share Volume
N/A
Turnover
N/A
ASPI
N/A
N/AN/A%
S&P SL20
N/A
N/AN/A%

















