
ගෝලීය බොරතෙල් මිල ගණන් පසුගිය මාස 03ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ අවම මට්ටම් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද (24) පස්වරු 3.00 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.91ක් දක්වා ත්, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.70ක් දක්වා ත් ඒ අනුව පහළ ගොස් තිබුණි.
හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉන්ධන ප්‍රවාහන නෞකා තුනක් ප්‍රහාරවලට ලක්වූ තිබෙන පසුබිමක පවා මෙලෙස ගෝලීය බොරතෙල් මිල ගණන් පහළ මටට්ටමකට පැමිණ තිබීම විශේෂත්වයකි.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම සහ මැදපෙරදිග නොසන්සුන්තාවන්ට වඩා, වෙළඳපොළේ පවතින අධික තෙල් සැපයුම පිළිබඳ වාර්තා බොරතෙල් සැපයුම්කරුවන්ගේ තීරණ කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.














