header logo
Top News
Hayleys Retail Holdings සුපිරි වෙළෙඳසැල් ජාලය සවිබලගැන්වීමට Blue Yonder තාක්ෂණික පද්ධතිය එක්වෙයි
Hayleys Retail Holdings සුපිරි වෙළෙඳසැල් ජාලය සවිබලගැන්වීමට Blue Yonder තාක්ෂණික පද්ධතිය එක්වෙයි

Hayleys Retail Holdings Ltd සිය නව සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා AI තාක්ෂණය සහ සම්බන්ධිත සැපයුම් දාම පද්ධතියක් වන  Blue Yonder තාක්ෂණය තෝරාගෙන ඇති බව නිවේදනය කර සිටී. ඉදිරියේදී දිවයින පුරා සුපිරි වෙළෙඳසැල්  ආරම්භ කරමින් පාරිභෝගිකයන්ට වඩාත් පහසු සහ විශ්වාසදායක සේවාවක් ලබාදීමට Hayleys Retail සමාගම සැලසුම් කරයි. ශ්‍රී ලංකාව තුළ retail වෙළෙඳ ක්ෂේත්‍රයේ Blue Yonder සමාගමේ පළමු පාරිභෝගිකයා වනුයේ ද  Hayleys Retail Holdings සමාගමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම වන Hayleys ව්‍යාපාරය, රටේ අපනයන ආදායමෙන් 5%කට පමණ දායකත්වය ලබා දෙයි. මහාද්වීප පහක් පුරා ක්ෂේත්‍ර 17 ක් යටතේ එහි ව්‍යාපාර කටයුතු සිදු කරයි. විශාල පරිමාණයේ සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරයට පිවිසීමේදී, නිෂ්පාදන, ප්‍රවාහන සහ සේවා ක්ෂේත්‍රවල Hayleys සමූහයට ඇති අත්දැකීම් සහ ශක්තීන් ප්‍රයෝජනයට ගැනීමට සමාගම බලාපොරොත්තු වේ. ඒ අනුව, ව්‍යාපාරය ආරම්භ කිරීමේදී අවශ්‍ය තාක්ෂණික පහසුකම් පමණක් නොව, අනාගතයේදී ව්‍යාපාරය විශාල වශයෙන් පුළුල් කිරීමට අවශ්‍ය තාක්ෂණය පිළිබඳවද අවධානය යොමු කර ඇත.

මෙම තාක්ෂණික විසඳුම ක්‍රියාත්මක කිරීමේ පළමු අදියර Blue Yonder Merchandise Operations පද්ධතියෙන් ආරම්භ වේ. එමඟින් භාණ්ඩ, සැපයුම්කරුවන්, පිරිවැය සහ මිල ගණන් පිළිබඳ සියලු තොරතුරු එකම පද්ධතියක් යටතේ කළමනාකරණය කිරීමට Hayleys Retail Holdings සමාගමට හැකියාව ලැබේ. තවද , වෙළෙඳසැල් , කලාපය සහ අළෙවි ජාලය  තුළ මෙහෙයුම් කටයුතු එකම ප්‍රමිතියකට අනුව කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය ක්‍රමවත් කළමනාකරණයක් ද මෙම තාක්ෂණය මඟින් ලබා දෙයි.

ව්‍යාපාරය තවදුරටත් පුළුල් වන විට, Blue Yonder Allocation and Replenishment තාක්ෂණය භාවිත කර භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම කලින් හඳුනා ගැනීමට හැකි වේ. ඒ අනුව, වෙළෙඳපොළේ ඉල්ලුමට ගැළපෙන පරිදි භාණ්ඩ තොග පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. විශේෂයෙන්ම උත්සව සමයන් සහ අනෙකුත් ඉහළ ඉල්ලුමක් පවතින කාලවලදී පවා අවශ්‍යතාවයට ගැළපෙන පරිදි භාණ්ඩ තොග පවත්වාගෙන යාමට මෙය උපකාරී වේ.

මෙම සියලු විසඳුම් ක්‍රියාත්මක වන්නේ Blue Yonder Platform මත බැවින්, Hayleys Retail සමාගම අලුතින් එක් කරන සෑම විසඳුමකටම එකම දත්ත පද්ධතිය සහ AI තාක්ෂණය භාවිතා කළ හැකිය. එමඟින් ව්‍යාපාරය වර්ධනය වන විට එහි කාර්යක්ෂමතාව සහ තීරණ ගැනීමේ හැකියාව ද තවදුරටත් වර්ධනය වනු ඇත .

“වසර 148ක් පුරා Hayleys සමූහයේ සෑම ව්‍යාපාරයකම ප්‍රමුඛත්වය හිමිව ඇත්තේ විශිෂ්ට සේවාවක් සැපයීමටයි. සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරයට පිවිසීම තුළින් එම ගුණාත්මකභාවය සහ විශ්වාසනීය සේවාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට තවදුරටත් සමීප කිරීමට අප බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා පැවසීය.

“අපගේ ව්‍යාපාරවලට වැඩි වටිනාකමක් එක් කිරීමට ඩිජිටල් තාක්ෂණය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. එමඟින් අපගේ සේවක මණ්ඩලයට වඩාත් කාර්යක්ෂමව කටයුතු කිරීමටත්, පාරිභෝගිකයන්ට වඩා හොඳ සේවාවක් ලබාදීමටත් හැකි වී තිබෙනවා. නව සුපිරි වෙළෙඳ ව්‍යාපාරය ආරම්භයේ සිටම මෙම තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා  කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා.

Blue Yonder සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාව තුළින් AI තාක්ෂණය මඟින් ලබාදෙන තොරතුරු සහ උපදෙස් උපයෝගී කරමින් සෑම සුපිරි වෙළෙඳසැලකදීම එකම මට්ටමේ පහසු සහ විශිෂ්ට සාප්පු සවාරි අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබාදීමට අපහට  හැකි වනු ඇත. අනාගතයට ගැළපෙන නවීන සුපිරි වෙළෙඳ ව්‍යාපාරයක් ගොඩනැගීමේ වැදගත් පියවරක් ලෙස මෙම සහයෝගීතාව හඳුන්වා දිය හැකියි,” යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම තාක්ෂණය මඟින් භාණ්ඩ තෝරාගැනීමේ සිට තොග කළමනාකරණය සහ රාක්කවල භාණ්ඩ සකස් කිරීම දක්වා සියලු කටයුතු පහසුවෙන් සිදු කළ හැකිය. පාරිභෝගික ඉල්ලුම, අළෙවි  දත්ත සහ වෙළෙඳපොළ ඉල්ලුම මත  අවශ්‍ය භාණ්ඩ තොග නිවැරදිව පවත්වාගෙන යාමට ද මෙය උපකාරී වේ. එමෙන්ම, AI තාක්ෂණය මඟින් ගැටලු කල්තියා හඳුනාගෙන ඒවාට සුදුසු විසඳුම් ලබාදීමටත්, දෛනික කටයුතු ස්වයංක්‍රීයව සිදු කිරීමටත් හැකි වේ. මෙම පද්ධතිය භාවිතයෙන් ආරම්භයේදී සුපිරි වෙළෙඳසැල් කිහිපයකින් පටන්ගෙන, අනාගතයේදී දිවයින පුරා ව්‍යාපාරය පුළුල් කිරීමට ද හැකියාව ලැබේ.

Blue Yonder හි ආසියා පැසිෆික් කලාපයේ සභාපති Antonio Boccalandro, මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “පළමු වෙළෙඳසල විවෘත කිරීමටත් පෙර තම ව්‍යාපාරය පවත්වාගෙන යන ආකාරය සහ මෙහෙයුම් ක්‍රමවේදය තීරණය කිරීමට අවස්ථාව ලැබෙන්නේ ඉතා සුළු retail  වෙළෙඳ සමාගම් සංඛ්‍යාවකට පමණයි. Hayleys සමාගම තෝරාගෙන තිබෙන්නේ AI තාක්ෂණය අමතර පහසුකමක් ලෙස නොව, ව්‍යාපාරයේ මූලික පදනම ලෙස යොදාගන්නා ක්‍රමවේදයක් ලෙසය. එමඟින් සම්බන්ධිත දත්ත සහ AI භාවිතයෙන් භාණ්ඩ කළමනාකරණ මෙහෙයුම් ශක්තිමත් කරන අතර, ව්‍යාපාරය වර්ධනය වන විට ඒ අනුව වැඩිදියුණු වන සැලසුම්කරණ පද්ධතියක් ද ක්‍රියාත්මක වනු ඇත. අපගේ Cognitive Solutions සහ Blue Yonder Platform නිර්මාණය කර තිබෙන්නේ මෙවැනි අවශ්‍යතා සපුරාලීම සඳහායි. ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරය වන Hayleys Retail සමාගමට නවීන සුපිරි වෙළෙඳ ව්‍යාපාරයක් ගොඩනැගීමට සහාය වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වනවා. එමෙන්ම දකුණු ආසියානු කලාපය තුළ අපගේ ව්‍යාපාරික පැවැත්ම තවදුරටත් පුළුල් කිරීමට ද මෙම සහයෝගීතාවය වැදගත් පියවරක් වන බවද  ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය. ”

MostRead
VideoStories
TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%