header logo

Daily Exchange Rates

Nov 27, 2026
Top News
RAMIS පද්ධතියේ තදබදය වැඩිවෙයි. බදු වාර්තා ගොනු කිරීමට දුන් කාලය දෙසැම්බර් 14 දක්වා දීර්ඝ කෙරේ
RAMIS පද්ධතියේ තදබදය වැඩිවෙයි. බදු වාර්තා ගොනු කිරීමට දුන් කාලය දෙසැම්බර් 14 දක්වා දීර්ඝ කෙරේ

2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා ගොනු කිරීමට ලබා දී තිබූ කාලය 2026 දෙසැම්බර් 14 දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දැනුම් දී සිටී.

2025/26 තක්සේරු වර්ෂය සඳහා බදු වාර්තා ගොනු කිරීමට දී තිබූ කාලය හෙට (30) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණු අතර පළමු වරට ආදායම් බදු වාර්තා ගොනු කරන, ආදායම් බදු සඳහා ලියාපදිංචිය ලබා ගත් තැනැත්තන්ගේ සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන්, 2026 නොවැම්බර් මාසය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වෙත දැඩි පීඩනයක් එල්ල වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතිය තුළ තදබදයක් ඇති වී ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයන් සිදු වන බවට වාර්තා වීමත් හේතුවෙන් මෙලෙස අදාල කාලය දීර්ඝ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

2026.11.29
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
බදු ගෙවන්නන් වෙත කරනු ලබන දැනුම්දීමයි

2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ගොනු කිරීම

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව, ආදායම් බදු සඳහා ලියාපදිංචි සියලුම තැනැත්තන් විසින් 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තාව 2026 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර ගොනු කළ යුතුය.

කෙසේ වෙතත්, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා පළමු වරට ආදායම් බදු වාර්තා ගොනු කරන, ආදායම් බදු සඳහා ලියාපදිංචිය ලබා ගත් තැනැත්තන්ගේ සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන්, 2026 නොවැම්බර් මාසය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) වෙත දැඩි පීඩනයක් එල්ල වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතිය තුළ තදබදයක් ඇති වී ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයන් සිදු වන බවට වාර්තා වේ. මේ හේතුවෙන් බොහෝ බදු ගෙවන්නන්ට සහ ඔවුන්ගේ නියෝජිතයන්ට ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී දුෂ්කරතා සහ ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදු වන බවටත් ඇතැම් බදු ගෙවන්නන්ට නියමිත කාලසීමාව තුළ සිය වාර්තා ගොනු කිරීමට අපහසු වනු ඇති බවටත් වාර්තා වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා 2026 දෙසැම්බර් මස 14 වන දින හෝ ඊට පෙර ගොනු කරනු ලබන බදු ගෙවන්නන්ට දණ්ඩන පැනවීම, පැහැර හරින ලද තක්සේරු නිකුත් කිරීම හෝ දේශීය ආදායම් පනතේ XVIIඅ සහ XVIII වන පරිච්ඡේදය යටතේ නඩු පැවරීම වැනි නීතිමය ක්‍රියාමාර්ග වලට ඔවුන් යටත් නොකරනු ලබන බව දැනුම් දෙනු ලැබේ.

සෑම වසරකම ආදායම් බදු සඳහා ලියාපදිංචි වන බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින්ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නියමිත අවසන් දිනට බොහෝ කලකට පෙර සිටම ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ පහසුකම් සලසා දෙන බැවින්ද, ඉදිරි වර්ෂවලදී හැකි ඉක්මනින් සිය ආදායම් බදු වාර්තා ගොනු කරන ලෙස බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. එසේම, මෙම සහන කාලසීමාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සියලුම බලපෑමට ලක් වූ බදු ගෙවන්නන් තම ආදායම් බදු වාර්තා නිසි පරිදි ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිනු ලැබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්
බදු - වඩා හොඳ අනාගතයකට

 

වීඩියෝපුවත්

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 27, 2026 - 06:34 PM

Share Volume

39,501,790

Turnover

1,434,541,372.55

ASPI

21,198.24

-46.67-0.22%%
S&P SL20

6,039.02

-11.16-0.18%%