
කෑගල්ලේ ප්‍රසිද්ධ ආපනශාලා රැසකින් පහසුවෙන් ආහාර ඇණවුම් කිරීමේ අවස්ථාව.
Uber Eats සිය සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින්, කෑගල්ල ප්‍රදේශයේ ජනතාවට සහ සංචාරකයින්ට ආහාර ඇණවුම් කිරීමේ පහසුව සලසාලීම සඳහා කෑගල්ල නගරය වෙත සිය සේවාවන් හඳුන්වා දී තිබේ. ඒ අනුව, ප්‍රදේශයේ ජනප්‍රිය ආපනශාලා සහ වෙළෙඳසැල් රැසකින් තමන් කැමති ආහාරපාන සහ සිල්ලර භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව දැන් පාරිභෝගිකයින්ට හිමි වේ. දිවා ආහාරය, රාත්‍රී ආහාරය හෝ නිවසේ ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ වුවද Uber Eats යෙදුම හරහා පහසුවෙන් ඇණවුම් කළ හැකිය.
කොළඹ සහ මහනුවර යා කරන ප්‍රධාන නගරයක් වන කෑගල්ල, ව්‍යාපාරික කටයුතු සහ සංචාරක ක්‍රියාකාරකම් අතින් වැදගත් ප්‍රදේශයකි. Uber Eats සේවාව හඳුන්වාදීමත් සමඟ, කෑගල්ලේ පාරිභෝගිකයින්ට දේශීය ආහාරපාන මෙන්ම ඉන්දියානු, චීන සහ තවත් ජාත්‍යන්තර ආහාර වර්ග රැසක් එකම යෙදුමක් හරහා පහසුවෙන් ඇණවුම් කිරීමේ හැකියාව හිමි වේ.
මෙම සේවා ව්‍යාප්තිය කෑගල්ලේ පාරිභෝගිකයින්ට පහසුව සලසනවාට අමතරව, දේශීය ආපනශාලා සහ බෙදාහැරීමේ හවුල්කරුවන්ටද ප්‍රතිලාභ රැසක් ගෙන එයි. Uber Eats හරහා වැඩි පාරිභෝගිකයින් පිරිසක් වෙත ළඟා වීමට ආපනශාලාවලට හැකි වන අතර, බෙදාහැරීමේ හවුල්කරුවන්ට තමන්ට පහසු වේලාවන්හිදී සේවය කරමින් ආදායම් උපයා ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් Uber ශ්‍රී ලංකා හි බෙදාහැරීම් අංශයේ මෙරට කළමනාකරු වරුණ විජේවර්ධන මහතා මෙසේ පැවසීය.
“Uber Eats සේවාව කෑගල්ලටත් හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. මේ හරහා ප්‍රදේශයේ ජනතාවට තමන් කැමති ආහාරපාන පහසුවෙන් ලබාගැනීමටත්, දේශීය ආපනශාලාවලට වැඩි පාරිභෝගික පිරිසක් වෙත ළඟා වීමටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම, අපගේ බෙදාහැරීමේ හවුල්කරුවන්ට තමන්ට ගැළපෙන පරිදි කාලය කළමනාකරණය කරගනිමින් ආදායම් උපයා ගැනීමටත් මෙයින් අවස්ථා උදා වෙනවා. දිවයින පුරා තවත් ප්‍රජාවන් වෙත අපගේ සේවාවන් සමීප කිරීමේදී කෑගල්ලට පිවිසීම අපට තවත් වැදගත් සන්ධිස්ථානයක්.”
දිවයින පුරා වැඩි ප්‍රජාවන් වෙත සිය සේවාවන් සමීප කිරීමේ අරමුණින් Uber Eats අඛණ්ඩව සිදුකරන ව්‍යාප්ති වැඩපිළිවෙළේ තවත් වැදගත් පියවරක් ලෙස කෑගල්ල නගරය වෙත සේවා හඳුන්වා දී ඇත. මෙම වසර තුළ නුවරඑළිය, රත්නපුර සහ බදුල්ල යන ප්‍රදේශ වෙත සේවා ව්‍යාප්ත කිරීමෙන් අනතුරුව මෙම නව හඳුන්වාදීම සිදු කෙරිණි.









