header logo
Top News
රටවිරුවන්ගෙන් රට සල්ලි ලැබීම් වාර්තාගත ලෙස ඉහළට. 2026 මාස 10ක දී ඩොලර් බිලියන 7.6 ඉක්මවයි
රටවිරුවන්ගෙන් රට සල්ලි ලැබීම් වාර්තාගත ලෙස ඉහළට. 2026 මාස 10ක දී ඩොලර් බිලියන 7.6 ඉක්මවයි

2026 ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 735.6ක් ලෙසින් වාර්තා වී තිබේ. මැද පෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වුවද, 2025 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙය 3.31% ක වර්ධනයකි.

ඔක්තෝබර් මාසයේ ලැබුණු මෙම වාර්තාගත ප්‍රේෂණ ප්‍රමාණයත් සමඟින්, 2026 වසරේ මුල් මාස 10 තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 7.6 ඉක්මවා ඇති අතර, එය 16.5% ක වාර්තාගත වර්ධනයක් සනිටුහන් කරයි.

අපනයන සහ සංචාරක ක්ෂේත්‍ර බාහිර බලපෑම්වලට මුහුණ දී සිටින මොහොතක, මෙරට ප්‍රධානතම විදේශ විනිමය ආදායම් මාර්ගය ලෙස විදේශ ප්‍රේෂණ ආර්ථික ස්ථාවරත්වයට ප්‍රබල රුකුලක් වී තිබේ.

2022 ආර්ථික අර්බුද සමයේදී විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 3.78 දක්වා පහත වැටුණද, 2023 දී ඩොලර් බිලියන 5.96 ක්, 2024 දී ඩොලර් බිලියන 6.57 ක් සහ 2025 දී ඩොලර් බිලියන 8.07 ක වාර්තාගත අගයක් දක්වා සීඝ්‍රයෙන් යථා තත්ත්වයට පත් විය.

 

VideoStories
TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%