header logo
Corporate News
Wickramarachchi Hearing Care ආයතනය සහ WISH Foundation එක්ව, ශ්‍රවණ ආධාර උපකරණ 50 ක් පරිත්‍යාග කරයි
Wickramarachchi Hearing Care ආයතනය සහ WISH Foundation එක්ව, ශ්‍රවණ ආධාර උපකරණ 50 ක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ශ්‍රවණ සත්කාර සේවාවන් සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන, Wickramarachchi Hearing Care ආයතනය, Wonderful Sound Project සහ Signia ආයතන සමඟ අත්වැල් බැඳගනිමින්, WISH පදනමේ ප්‍රතිලාභීන් සඳහා ශ්‍රවණාධාර උපකරණ 50 ක් ප්‍රදානය කරන ලදී. ලෝක ළමා හා වැඩිහිටි දිනය නිමිත්තෙන් ඉකුත්දා පැවැති විශේෂ සැමරුම් උත්සවයකදී මෙම පරිත්‍යාගය සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවේ දෘශ්‍ය සහ ශ්‍රවණ සත්කාර ක්ෂේත්‍රයේ දශක පහක ප්‍රශංසනීය සේවය සලකුණු කරමින් පැවැත්වෙන, Wickramarachchi Opticians & Hearing Care හි 50 වැනි සංවත්සර සැමරුම්වල එක් පියවරක් ලෙසින් මෙම සුවිශේෂී පරිත්‍යාගය සිදුකෙරිණි. ඒ අනුව, ජනතාවට ශ්‍රවණ පහසුකම් සපයා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම සඳහාත්, ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයින්ට බාධාවකින් තොරව, වඩාත් හොඳින් තම සන්නිවේදන කටයුතු සිදුකරගනිමින්, එදිනෙදා කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදාකිරීම සඳහාත්  කැපවුණු ආයතන කිහිපයක් මෙම සත්කාරක වැඩසටහන වෙනුවෙන් අත්වැල් බැඳ ගන්නා ලදී.  එහිදී, වසර ගණනාවක් තිස්සේ, එම සමාගම හා සුවිශේෂී සහයෝගිතාවයක් පවත්වාගෙන යන Signia ආයතනය විසින් ශ්‍රවණාධාර උපකරණ 50 ක් පිරිනමනු ලැබිණි. එම ශ්‍රවණ උපකරණ ලැබීමට සුදුසු ප්‍රතිලාභීන්ට Wickramarachchi Opticians & Hearing Care ආයතනයේ වෘත්තීය සහ තාක්ෂණික විශේෂඥ සහයද ලබාදෙන ලදී. මේ පරිත්‍යාගය සඳහා අත්වැල් බැඳගත් Wonderful Sound Project (WSP), ඩෙන්මාර්කය මූලික කරගනිමින් ක්‍රියාත්මක වන, ප්‍රමුඛ පෙළේ ශ්‍රවණ සත්කාර සමාගමක් වන WS Audiology (WSA) හි සේවක දායකත්වයෙන්, අනෙකුත් සහයෝගිතා ආයතන හා එක්ව, ප්‍රජාවන්ගේ  ශ්‍රවණ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා  සුවිශාල සහයක් ලබාදෙන වැඩසටහනකි. ඉන්, ලොව පුරා ප්‍රමාණවත් ශ්‍රවණ සත්කාර පහසුකම් නොමැති ජනතාවට එම සේවාවන් පහසුවෙන් ලබාගැනීමට ඇති බාධාවන් ඉවත් කිරීම වෙනුවෙන් කැප වෙයි. ඉහත පරිත්‍යාගය සිදුකෙරුණේ එම ජාත්‍යන්තර වැඩසටහනේ උදාර අරමුණුද පිළිබිඹු කරමින් වීම, විශේෂත්වයකි.

WISH පදනමේ ප්‍රතිලාභීන් වෙනුවෙන් Signia ශ්‍රවණාධාරක 50 ක් ප්‍රදානය කිරීමේ සුවිශේෂී අවස්ථාවෙන් අනතුරුව, එම උපකරණ භාවිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා වෘත්තීය උපදෙස් ලබා දෙමින්, සෑම ප්‍රතිලාභියෙකුටම ගැළපෙන පරිදි ශ්‍රවණාධාරක සවිකර දීමට වික්‍රමාරච්චි ශ්‍රවණ රක්ෂණ ආයතනයේ ප්‍රවීණ ශ්‍රවණවේදී කණ්ඩායම කටයුතු කරන ලදී. මීට අමතරව, මෙම සමාජ සත්කාරයේ ප්‍රශංසනීය කැපවීම මැනවින් විදහා දක්වමින්, Signia ආයතනය විසින් WISH පදනම වෙත ලබාදෙන ශ්‍රවණාධාර 100 ක විශිෂ්ට පරිත්‍යාගයක් නිල වශයෙන් සංකේතවත් කිරීමද සිදුකෙරිණි. එමෙන්ම, ශ්‍රවණ සත්කාර අවැසි ජනතාවට එම පහසුකම් ලබාගැනීමේ අවස්ථාව වැඩිකරමින් Wickramarachchi Hearing Care, Signia, WSA, Wonderful Sound Project සහ WISH Foundation එක්ව ඉටුකරන සාමූහික  මෙහෙවර ද මෙමගින් විදහා දැක්වෙන අතර, වෘත්තීය ශ්‍රවණ සත්කාර සේවාවන් ජනතාවට වඩාත් සමීප කිරීමේ අරමුණෙන්, Wickramarachchi Hearing Care විසින් Signia ජංගම සේවා රථය (Signia Mobile Unit) ජනතා අයිතියට පත් කිරීම ද මෙම උත්සවයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි.

මෙම සුවිශේෂී අවස්ථාවට, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත්, J.M. Wickramarachchi ආයතනයේ සභාපති අචාර්ය මිහිර වික්‍රමාරච්චි, J.M. Wickramarachchi ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලීසා වික්‍රමාරච්චි, WISH Foundation වෙනුවෙන්, කෝල් ලෝමාස්, WSA ගිනිකොනදිග ආසියානු කලාපීය කළමනාකාර අධ්‍යක්ෂිකා, ඇප්‍රිල් චොං සහ WSA ගිනිකොනදිග ආසියානු කලාපීය විකුණුම් කළමනාකාර / ජ්‍යෙෂ්ඨ ශ්‍රවණවේදී ඊසන් ලෙක් යන මහත්ම මහත්මීන් ඇතුළුව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, අත්වැල් බැඳගත් ආයතන මෙන්ම, ශ්‍රවණාධාර ප්‍රතිලාභීන් රැසක්ද සහභාගී වූහ.

එහිදී ආචාර්ය මිහිර වික්‍රමාරච්චි මහතා අදහස් දැක්වූයේ මෙසේයි. “වික්‍රමාරච්චි Opticians & Hearing Care ආයතනයේ 50 වැනි සංවත්සරය යෙදී තිබෙන මේ අවස්ථාවේදී, ශ්‍රී ලංකාව පුරා ජනතාවගේ සහ ප්‍රජාවන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන්, දේශීය හා ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ එක්ව ශ්‍රවණ හා දෘශ්‍ය සත්කාර ක්ෂේත්‍රයේ සිය දීර්ඝකාලීන මෙහෙවරෙහි තවදුරටත් නියැළෙනවා. WISH Foundation, Wickramarachchi Hearing Care, Wonderful Sound Project, Signia and WSA එක්ව ගොඩනගාගත් මෙම සහයෝගිතාවය තුළින්, ශ්‍රවණ සත්කාර අවශ්‍ය ජනතාවට, එම අවශ්‍යතා හමුවේ සාර්ථක ශ්‍රවණ විසඳුම් ලබා ගැනීමට අත්වැලක් වීම සඳහා එවැනි සාමූහික ශක්තියක් කොතරම් වැදගත් ද යන්න මැනවින් පැහැදිලි වෙනවා.”

ශ්‍රී ලාංකීය ජනතාවට ගුණාත්මක දෘශ්‍ය සත්කාර සේවාවන් පහසුවෙන් ගැනීමට හැකියාව සලසමින්, 1976 වසරේදී, ආචාර්ය මිහිර වික්‍රමාරච්චි මහතා විසින් ආරම්භ කරන ලද Wickramarachchi Opticians & Hearing Care ආයතනය, වර්තමානයේදී, දෘශ්‍ය හා ශ්‍රවණ සේවාවන් සහ ඊට අදාළ සත්කාර සේවාවන්ද සපයමින්, මෙරට දේශීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය සේවා ආයතනයක් බවට පත්ව තිබේ. එහි 50 වැනි සංවත්සරය සමරන වර්තමානයේ, ආයතනයේ වෘත්තීය විශේෂඥභාවය, ජාත්‍යන්තරව පිළිගත් සන්නාම, නවීන තාක්ෂණය හා මුසු කළ රෝගීන් කේන්ද්‍රකරගත් සත්කාර සේවාවන් සමඟින්, ශ්‍රී  ලාංකේය ජනතාතාවගේ ශ්‍රවණ හා දෘශ්‍ය අවශ්‍යතාවන්ට ගැළපෙන සුවිශේෂී විසඳුම් පිරිනමයි.

MostRead
VideoStories
BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%