
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන 7 වන සමාලෝචනය සහ Article IV උපදේශනය සලකා බැලීම 2026 දෙසැම්බර් 02 වන දිනට නියමිත කර ඇත.
මේ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසන්නේ, මෙම විධායක මණ්ඩල හමුවට කාර්යසාධන නිර්ණායක නොපැවැත්වීම පිළිබඳ ව්‍යතිරේක (waivers of nonobservance of performance criteria) සඳහා වන ඉල්ලීම්, කාර්යසාධන නිර්ණායක සංශෝධනය කිරීම (Modification of Performance Criteria) සහ මූල්‍ය සහතික කිරීමේ සමාලෝචනය (financing assurances review) ද ඇතුළත් වන බවයි.
7 වන සමාලෝචනය සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 345 ක පමණ මීළඟ වාරිකය ලැබීමට නියමිත අතර, ඒ අනුව ඩොලර් බිලියන 3 ක සමස්ත EFF වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන සමස්ත මූල්‍ය සහාය ඩොලර් බිලියන 2.7 ක් දක්වා ඉහළ යනු ඇත.














