
ටයර් හවුස් ට්‍රේඩින් (පෞද්ගලික) සමාගම, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Livguard Technologies සමඟ එළඹි හවුල්කාරීත්වය ඔස්සේ ජාත්‍යන්තර මට්ටමේ 'LIVFAST' බැටරි පෙළ මෙරට වෙළඳපොළට නිල වශයෙන් හඳුන්වා දීම පසුගියදා කොළඹ ෂැන්ග්රි-ලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
දිවයින පුරා සිටින පාරිභෝගිකයන් වෙත ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුත්, කල්පවතින සහ විශ්වාසනීය බලශක්ති විසඳුම් සමීප කිරීමේ අරමුණින් LIVFAST සන්නාමය මෙරටට හඳුන්වා දීම මෙම සුවිශේෂී උත්සවයේදී සිදු විය.
මෙම නිල සමාරම්භක අවස්ථාව සඳහා ඉන්දියාවේ Livguard Technologies සමාගමේ උප සභාපති Shayan Dev Mukherjee, සහකාර සාමාන්‍යාධිකාරී Khushboo Sethi යන මහත්ම මහත්මීන් සහ ටයර් හවුස් සමූහයේ විධායක අධ්‍යක්ෂ රොහාන් පීරිස්, ටයර් හවුස් ට්රේඩින් සමාගමේ අලෙවි කළමනාකාර පුෂ්පකුමාර යන මහත්වරුන් එක්ව සිටියහ.
මීට අමතරව, ටයර් හවුස් සමූහයේ සභාපති ලෙස්ලි ෆොන්සේකා, කළමනාකාර අධ්යක්ෂ සුනිල් ෆොන්සේකා, සමූහ අධ්යක්ෂ ගයාන් ෆොන්සේකා, අධ්යක්ෂිකා කාන්ති තලගල යන මහත්ම මහත්මීන් ඇතුළු ආයතනයේ ජ්යෙෂ්ඨ විධායක මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මෝටර් රථ ක්ෂේත්රය තුළ තම නිෂ්පාදන ජාලය තවදුරටත් පුළුල් කිරීමට ආයතනය දක්වන කැපවීම ඉන් මනාව පිළිබිඹු වේ.
මෙම හඳුන්වා දීමත් සමඟ, සිය දිවයින පුරා පැතිරුණු පුළුල් නියෝජිත ජාලය හරහා LIVFAST බැටරි පාරිභෝගිකයා වෙත සමීප කරවමින් මෙරට මෝටර් රථ ක්ෂේත්රය තුළ තම ප්රමුඛතාව තවදුරටත් තහවුරු කිරීමට ටයර් හවුස් ට්රේඩින් සමාගම සමත්ව ඇත.














