දශ ලක්ෂ 22,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

    February, 2, 2016

    රුපියල් දශ ලක්ෂ 22,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (02) දිනයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.

    කල්පිරීමේ කාලසීමා තුනකින් යුක්ත මෙම නිකුතුව සඳහා දින 91 – මිලියන 3,000 ක්, දින 182 - මිලියන 9,000 ක් හා දින 364 - මිලියන 10,000 ක් වන ආකාරයේ බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

    මේ අතර පසුගිය සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ලංසු අනුමත නොකිරීමට මහ බැංකුව විසින් කටයුතු කරනු ලැබීය. අපේක්ෂිත පොළී අනුපාතිකයන්ට අනුව ලංසු නොලැබී යාම මීට හේතුවයි.


    Parse error: syntax error, unexpected 'endif' (T_ENDIF), expecting end of file in /home/bizsinhala/wp-content/themes/adaderana-theme/comments.php on line 95