
සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා, ජයසිංහ තේ කර්මාන්තශාලාව සමඟ ණය ගිවිසුමකට අත්සන් තබන අවස්ථාවට (වමේ සිට) ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සම්බන්ධීකරණ කළමනාකාරිණී හර්ෂි පෙරේරා මහත්මිය, ජයසිංහ තේ කර්මාන්තශාලාවේ හවුල්කරු අමල් ජයසිංහ මහතා, ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා, කොමර්ෂල් බැංකුවේ සහකාර සමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය මිතිලා ශාමිනී මහත්මිය, බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු - සංවර්ධන ණය අංශය මලික සිල්වා මහතා සහ එම අංශයේ කළමනාකරු ඩබ්ලිව්. ටී. සී. ලසන්ත මහතා යන පිරිස සහභාගී වූ අයුරු.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නැවතත් පණ ගැන්වීමට කොමර්ෂල් බැංකුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. මේ හරහා දේශීය තේ කර්මාන්තයේ තිරසර වර්ධනයට අත්වැලක් සපයමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සහ ග්‍රාමීය ක්ෂුද්‍ර ආර්ථික වෙළඳපල තුළට පිවිසීම අරමුණ වන බව බැංකුව පවසයි.
මෙම නව ණය යෝජනා ක්‍රමය මගින් පැරණි තේ වතු අලුත් කිරීම සහ වගා ක්‍රමවේද වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා කුඩා තේ වතු හිමියන්ට අවස්ථාව ලබා දෙන අතර මෙරට ඉතා වැදගත් අපනයන අංශයක් වන තේ කර්මාන්තයේ ඵලදායීතාව සහ තිරසරභාවය තවදුරටත් ශක්තිමත් කිරීමට ද අවස්ථාව ලැබේ.
ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය (SLTFOA) සහ තේ කර්මාන්තශාලා සමඟ එක්ව නිර්මාණය කර ඇති මෙම ණය යෝජනා ක්‍රමය හරහා මෙම කර්මාන්තය දැනට මුහුණ දෙන ප්‍රධාන ගැටළු වන තේ නිෂ්පාදනය තිරසර ලෙස පවත්වා ගෙන යාම සහ වැවිලිකරුවන්ගේ ආදායම වැඩි කිරීම සඳහා ආයෝජන විසඳුම් ලබා දීමට අපේක්ෂා කෙරේ.
මෙම යෝජනා ක්රමයේ ඇති විශේෂත්වය වන්නේ එය තේ කර්මාන්තය හා බැඳුනු මූල්‍ය ආකෘතියක් වීමයි. මෙහිදී ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමිකරුවන්ගේ සංගමය සතු කර්මාන්ත ජාලයත්, කුඩා තේ වතු හිමියන් සතු තේ කර්මාන්තශාලා සමඟ බැංකුවේ මූල්‍ය විශේෂඥතාව එකට සම්බන්ධ කිරීමයි. සාමාන්‍ය බැංකු සේවාවලින් ඔබ්බට යමින් මෙම සාමූහික ප්‍රවේශය හරහා සුදුසුකම් ලත් තේ වගාකරුවන්ට තම තේ වතු අලුත් කිරීමටත්, ඒවායේ එලදායීතාව ඉහළ නංවා ගැනීමටත් අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා දෙයි.
තේ පැළ නැවත වගා කිරීම සහ අඩුපාඩු වූ පැළ සිටුවීම, පස යළි සාරවත් කිරීම, ඉඩම් සකස් කිරීම, සහතික කළ රෝපණ ද්‍රව්‍ය හා කෘෂිකාර්මික යෙදවුම් මිලදී ගැනීම, තවාන් කිරීම, යාන්ත්‍රිකකරණය, නවීන කාෂිකාර්මික ක්‍රමවේද හා ජල සැපයුම් පද්ධති ස්ථාපනය කිරීම යන ක්‍රියාවලි සඳහා මෙම මූල්‍ය පහසුකම හරහා ණය ලබාගත හැකි වේ. වයස්ගත වූ තේ පඳුරු ඉවත් කර නව පැළ සිටුවීමටත්, දැනට පවතින වගාවන්හි අඩුපාඩු වූ පැල සිටුවීමටත්, තේ වගා කරන ඉඩම් ඵලදායී ලෙස භාවිතා කිරීමටත් මෙම ආයෝජන හරහා ගොවීන්ට අවශ්‍ය සහය ලබා දීම මෙම ණය ක්රමයේ අරමුණයි.
මෙම යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලත් කුඩා තේ වගාකරුවන්ට නැවත තේ වගා කිරීම සහ අඩුපාඩු පිරවීම සඳහා අක්කරයකට රුපියල් මිලියනයක් දක්වා ද, නැවත වගා කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම සහ ජල සැපයුම් පද්ධති ස්ථාපනය කිරීම සඳහා අක්කරයකට රුපියල් මිලියන 1.5ක් දක්වා ද ණය මුදල් ලබාගත හැකිය. මෙම ණය යෝජනා ක්‍රමයට තේ වගා ව්‍යාපෘතිවලට සහය වීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද සේවාවන් කිහිපයක් ම ඇතුළත් කර ඇත. වගාකරුවන් විසින් තේ කර්මාන්තශාලා වෙත සපයනු ලබන තේ දළු සඳහා කරන ගෙවීම්වලින් අදාල වාරික කපා හැරීම මගින් මෙම ණය ආපසු ගෙවීම සිදු කරයි. මෙහිදී ඇපකරයක් ලෙස අදාළ තේ කර්මාන්තශාලාව විසින් ලබා දෙන ආයතනික ඇපකරය භාවිතා කරයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්‍රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත විය. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.















