header logo
Corporate News
INSEE Industry Connect 2026 - INSEE මූලිකත්වයෙන් ශ්‍රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරිගමන සවිමත් කරන්නට පාර්ශවකරුවන්ගේ සාමූහිකයක්
INSEE Industry Connect 2026 - INSEE මූලිකත්වයෙන් ශ්‍රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරිගමන සවිමත් කරන්නට පාර්ශවකරුවන්ගේ සාමූහිකයක්

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයන් නව යුගයකට පා තබමින් සිටින මෙහොතක, දිවයිනේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ පාර්ශවකරුවන් සියලු දෙනා එකමුතු කරමින් INSEE සමාගම විසින් "INSEE Industry Connect 2026" නමින් නව ආරක සහයෝගීතා වැඩසටහනක් දියත් කරන ලද අතර, මෙම උත්සවය 2026 ඔක්තෝබර් 21 වන දින කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි.

මෙරට ආර්ථිකය තුළ ඇති වී තිබෙන නව පිබිදීම සහ යටිතල පහසුකම් සංවර්ධනයත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයට නව අවස්ථා රැසක් නිර්මාණය වී ඇති බව පැහැදිලිවම පෙනෙන්නට ඇති කරුණකි. එමෙන්ම, වඩාත් බුද්ධිමත්ව, කාර්යක්ෂමව සහ තිරසර අයුරින් ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව ද දැන් දැන් ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් ඇති මාතෘකාවකි. ලෝක මට්ටමින් සිදුවන නව තාක්ෂණික දියුණුව, පාරිභෝගික බලාපොරොත්තුවල වෙනස්වීම් සහ පාරිසරික වගකීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු වීම නිසා ක්ෂේත්‍රයේ සියලු දෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම තවත් වැඩි වී තිබේ.

"Innovate. Integrate. Impact." ຜ ລາວ ໖໖ ໑ "INSEE Industry Connect 2026" වැඩසටහන, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්ට අදහස් හුවමාරු කර ගැනීමටත්, සහයෝගයෙන් කටයුතු කිරීමටත් නිර්මාණය වූ හොඳම වේදිකාවක් සේ සැලකිය හැකිය. මෙම අවස්ථාවට ඉදිකිරීම් නිෂ්පාදන පාරිභෝගිකයින්, කොන්ත්‍රාත්කරුවන්, රෙඩි මික්ස් කොන්ක්‍රීට් පාරිභෝගිකයින්, ගෘහනිර්මාණ ශිල්පීන්, උපදේශකයින්, තාක්ෂණික සැපයුම්කරුවන්, රජයේ ඉංජිනේරුවන්, ආයතනික ව්‍යාපෘති කළමනාකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.

ඉදිරි පරම්පරාවල යහ පැවැත්ම උදෙසා තිරසර වටිනාකම් නිර්මාණය කරන අතරම, ශක්තිමත් සහ තිරසර යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු සියලු පාර්ශව අතර වඩාත් සමීප සහයෝගිතාවක් ඇති කිරීමට උනන්දු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනැගීමේ INSEE පොරොන්දුවත්, ඒ වෙනුවෙන් සන්නාමය ඉටු කරන අප්‍රතිහත කැපවීම ද මෙම වෑයම තුළින් නැවත වරක් තහවුරු විය.

වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වමින් INSEE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා, ' ඉහළ ඵලදායිතාව, නවීන ද්‍රව්‍ය භාවිතය, ඩිජිටල් තාක්ෂණය සහ වඩාත් ශක්තිමත් සහයෝගිතාව තුළින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයේ ඊළඟ අදියර සඳහා සූදානම් කිරීම ඉතාමත් කාලෝචිත වැඩපිළිවෙළක් ලෙස අප දකිනවා. ශ්‍රී ලංකාව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව යුගයකට පා තබමින් සිටින මේ මොහොතේ එහි වර්ධනය වෙනුවෙන් වඩාත් බුද්ධිමත්ව ඉදිකිරීම් කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍යයි. තාක්ෂණයට පමණක්ම මෙම ක්ෂේත්‍රය වෙනස් කළ නොහැකියි. ඒ සඳහා විධිමත් ක්‍රමවේද, මානව සම්පත සහ හවුල්කාරිත්වයන් ද එකට එක්විය යුතුමයි. මේ එකමුතුව තුළින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගතය ඵලදායී අයුරින් හැඩ ගස්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව අප හොඳින්ම විශ්වාසයි."

තායිලන්තයේ INSEE ජ්‍යෙෂ්ඨ උප සභාපති (වාණිජ) Sitthichai Siriuvithtaya මහතා, පසුගිය වසර 20 තුළ තායිලන්තයේ ඉදිකිරීම් සහ සිමෙන්ති ක්ෂේත්‍රයේ සිදු වූ පරිවර්තනය පිළිබඳ වටිනා අදහස් රැසක් ඉදිරිපත් කළ අතර, තායිලන්තයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය ආරම්භ වූ මුල් වකවානුව සහ දැනට ශ්‍රී ලංකාවේ ඇති වෙමින් පවතින දියුණුව අතර ඇති කැපී පෙනෙන සමානකම් ද ඔහු පෙන්වා දුන්නේය. සාමාන්‍ය නිෂ්පාදන සැපයීමේ සිට වඩාත් දියුණු, විසඳුම් පාදක කරගත් ඉදිකිරීම් ක්‍රමවේද භාවිතය දක්වා තායිලන්තය පැමිණි ගමන සිහිපත් කළ ඔහු, ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අදියර සඳහා වැදගත් ආදර්ශ රැසක් ද ඉදිරිපත් කළේය.

මෙම උත්සවයේ ප්‍රධාන තේමාවන් තුන වූයේ නවෝත්පාදනය, ඒකාබද්ධතාව සහ බලපෑමයි. මෙමඟින් නව තාක්ෂණයන් හා නව ක්‍රමවේද භාවිතයට ගැනීමේ අවශ්‍යතාවයත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය පුරා විසිරී ඇති දැනුම හා හැකියාවන් එකිනෙකට සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවයත් පෙන්වා දෙන ලදී. එමෙන්ම මෙම සහයෝගීතාව, තිරසර ආර්ථික, පාරිසරික සහ සාමාජීය වටිනාකම් බවට පත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. ක්ෂේත්‍රය පුරා නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාම සඳහා INSEE සමාගමේ "i2i" (innovation-to-industry) සහයෝගිතා පියස මගින් මෙම අරමුණ තවදුරටත් ශක්තිමත් කරන්නට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

තාක්ෂණික දැනුම, නවෝත්පාදනය, විධිමත් ඉදිකිරීම් විසඳුම් සහ තිරසර නායකත්වය යන සියල්ල එකට එක් කරමින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් ඵලදායී, ශක්තිමත් සහ තරඟකාරී ඉදිකිරීම් ක්ෂේත්‍රයක් ගොඩනැඟීමට ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳ ගැනීම INSEE අරමුණයි.

MostRead
VideoStories
REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%