
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ යුරෝපා සංගමය (EU) එක්ව ක්‍රියාත්මක කරනු ලබන ExpoScaleUp වැඩසටහනේ තෙවන කණ්ඩායමේ අවසන් ව්‍යාපාරික ඉදිරිපත් කිරීමේ සහ ඇගයීමේ උත්සවය සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තරගකාරීත්වය ඉහළ නංවමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය හැකියාවන් සහ අවස්ථා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
යුරෝපා සංගමයේ Global Gateway උපායමාර්ගය යටතේ ක්‍රියාත්මක වන Accelerating Climate Smart and Inclusive Infrastructure in South Asia (ACSIIS) කලාපීය වැඩසටහනේ සහාය ඇතිව ක්‍රියාත්මක වන ExpoScaleUp වැඩසටහන, ශ්‍රී ලංකා අපනයන විශිෂ්ටත්වය ඉහළ නැංවීමේ වැඩසටහනේ (Sri Lanka Export Excellence Initiative – SLEEI) ප්‍රධාන අංගයකි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අපනයන සූදානම, වෙළෙඳපොළ ප්‍රවේශය සහ දිගුකාලීන තරගකාරීත්වය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
ExpoScaleUp තෙවන කණ්ඩායම යටතේ ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 25 දෙනෙකු සිය ව්‍යාපාර ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත කිරීම සඳහා විධිමත් අපනයන වෙළෙඳපොළ සැලසුම් (Export Market Plans) සකස් කරනු ලැබීය. එම වැඩසටහනේ අවසන් අදියර ලෙස පැවැති ව්‍යාපාරික ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී සහභාගී වූ ව්‍යවසායකයන් විසින් සිය ව්‍යාපාරික විභවතාවන්, වර්ධන උපායමාර්ග සහ නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ සැලසුම් විශේෂඥ විනිශ්චය මණ්ඩලයක් හමුවේ ඉදිරිපත් කරන ලදී.
උත්සවයේ සමාරම්භක දේශනය පැවැත්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, 2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙරට අපනයනකරුවන්ගේ පදනම පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ExpoScaleUp වැනි ඉලක්කගත වැඩසටහන් මඟින් නව අපනයනකරුවන් බිහිකිරීමට සහ ශ්‍රී ලංකාවේ අපනයන පදනම පුළුල් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකි බව ද සඳහන් කළේය. එමෙන්ම, මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ යුරෝපා සංගමය ලබාදෙන සහයෝගීතාව ද ඔහු අගය කළේය.
මෙහිදී අදහස් දැක්වූ IFC දකුණු ආසියානු කලාපයේ රටවල් පිළිබඳ උපදේශන හා ආර්ථික කටයුතු කළමනාකරු ග්‍රෙගරි ස්මිත් මහතා, ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ශක්තියක් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළ තුළ තරග කිරීමට අවශ්‍ය සහාය ලබාදීම රටේ ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය. IFC ආයතනය දිගුකාලීනව මූල්‍ය පහසුකම් සහ විශේෂඥ දැනුම ලබාදෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික හැකියාවන් වර්ධනය කිරීමට සහ නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට සහාය වන බව ද ඔහු සඳහන් කළේය. EDB සහ යුරෝපා සංගමය සමඟ ඇතිකරගෙන තිබෙන මෙම සහයෝගීතාව තුළින් තවත් ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන් පිරිසකට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සාර්ථකව තරග කිරීමට සහ වර්ධනය වීමට අවශ්‍ය හැකියාවන් හා සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාව සැලසෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයේ හවුල්කාරීත්ව ප්‍රධානී වර්ජිනි ලෆ්ලර්-ටයිග් මහත්මිය අදහස් දක්වමින්, ACSIIS කලාපීය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සමඟ පවතින පුළුල් සහයෝගීතාවයේ කොටසක් ලෙස ExpoScaleUp වැඩසටහනට සහාය ලබාදීමට යුරෝපා සංගමය සතුටු වන බව ප්‍රකාශ කළාය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තරගකාරීත්වය ශක්තිමත් කිරීම, ඔවුන්ගේ අපනයන සූදානම ඉහළ නැංවීම, තිරසාර ව්‍යාපාරික ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සහ වෙනස් වන ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රමිතීන්ට අනුගත වීමට අවශ්‍ය හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු බව ඇය අවධාරණය කළාය. පෞද්ගලික අංශයේ සංවර්ධනය සහ දේශගුණික ක්‍රියාකාරකම් එකිනෙක සම්බන්ධ කරමින් IFC සහ අපනයන සංවර්ධන මණ්ඩලය වැනි හවුල්කාර ආයතන සමඟ එක්ව කටයුතු කිරීම තුළින් වඩාත් ඔරොත්තු දෙන, සියල්ලන් ඇතුළත් කරගත් සහ අනාගතයට සූදානම් අපනයන පරිසර පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමට දායක වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම වැඩසටහනට කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන, සැකසූ ආහාර හා පාන වර්ග, පොල් ආශ්රිත නිෂ්පාදන, ත්‍යාග භාණ්ඩ හා අත්කම් නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (ICT/BPO) සහ ඖෂධීය ශාක ආශ්රිත රූපලාවණ්‍ය නිෂ්පාදන ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ව්‍යවසායකයෝ සහභාගී වූහ.
සකස් කරන ලද අපනයන වෙළෙඳපොළ සැලසුම්වල විශිෂ්ටත්වය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා ඉදිරිපත් කරන ලද විධිමත් උපායමාර්ග ඇගයීමට ලක් කරමින් හොඳම අපනයන වෙළෙඳපොළ සැලසුම් ඉදිරිපත් කළ ව්‍යවසායකයන් දස දෙනෙකු ඇගයීමට ලක් කරන ලදී. ඒ අනුව තෝරාගත් ව්‍යවසායකයන්ට වැඩසටහනේ මීළඟ අදියර වන ExpoConnect සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වේ. ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවේශය පුළුල් කිරීම, වෙළෙඳ කටයුතු සඳහා පහසුකම් සැලසීම සහ විදේශීය ගැනුම්කරුවන් සමඟ ඉලක්කගත ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනැගීම ExpoConnect අදියරේ ප්‍රධාන අරමුණු වේ.
මේ වන විට SLEEI වැඩසටහන හරහා දිවයින පුරා පැවැත්වූ කලාපීය දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ව්‍යාපාරික සායන (Business Clinics) මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 750 කට ආසන්න පිරිසක් ප්රතිලාභ ලබා ඇත.
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අපනයන හැකියාවන් වර්ධනය කරමින් ඔවුන් ගෝලීය වෙළෙඳපොළ තුළ සාර්ථක ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ යුරෝපා සංගමය අතර පවතින ශක්තිමත් සහයෝගීතාව මෙම වැඩසටහන තුළින් තවදුරටත් පිළිබිඹු වේ.















