
ශ්‍රී ලාංකිකයන්ගේ ආදරයත් විශ්වාසයත් දිනූ අංක 01 ළදරු සත්කාර සන්නාමය වන Baby Cheramy, 19 වන ආසියානු පැසිෆික් ළමා රෝග විශේෂඥයන්ගේ සම්මේලනයේදී (Asia Pacific Congress of Paediatrics) ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (SLCP) සමඟ එක්වෙමින් ළදරු සත්කාර ක්ෂේත්රයේ සිය නායකත්වය තවදුරටත් තහවුරු කළේය.
බිළිඳුන්ගේ සුමුදු සමට අතිශය මෘදු මෙන්ම සුරක්ෂිත රැකවරණයක් සපයන, උසස් තාක්ෂණයෙන් යුතුව වැඩිදියුණු කළ Baby Cheramy නව නිෂ්පාදන පෙළ (multi-benefit baby care range) මෙම සම්මේලනයේදී ප්‍රදර්ශනය කෙරිණි. උසස් ප්‍රමිතිය සහ ආරක්ෂාව වෙනුවෙන් තුන් ආකාරයකින් විශේෂඥයින් විසින් පරීක්ෂා කරන ලද Baby Cheramy Care නිෂ්පාදන පෙළ, සමේ ස්වාභාවික ආරක්ෂිත ස්ථරය පෝෂණය කරන 'ස්වාභාවික සෙරමයිඩ්' (Natural Ceramides) වලින් සමන්විත වේ.
මුළු නිෂ්පාදන පෙළම "බිලිඳාට සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි " ලෙස සහතික කර ඇත්තේ දරුවන්ට හොඳම දේ ලබාදීමට Baby Cheramy සතු නොසැලෙන කැපවීම තහවුරු කරමිනි.
එමෙන්ම, බිළිඳාගේ උපන් පළමු දිනයේ සිටම ආරක්ෂිතව භාවිත කළ හැකි (Safe from Day 1), ආසාත්මිකතා ඇති කිරීමේ අවදානම අවම වන ලෙස සකස් කළ (Hypoallergenic) Baby Cheramy Care ක්‍රීම්, ළදරුවාගේ සියුම් සමට ආරක්ෂාව සහ රැකවරණය සපයයි.
මෙම සම්මේලනය හරහා දේශීය මෙන්ම ආසියානු පැසිෆික් කලාපයේ ප්රමුඛ සෞඛ්‍ය වෘත්තිකයන් හමු වූ Baby Cheramy, උසස් ළදරු නිෂ්පාදනවල වැදගත්කම සහ ඒ පිටුපස ඇති විද්‍යාත්මක පදනම පිළිබඳ පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගත්තේය.
මෙම සුවිශේෂී එකමුතුව පිළිබඳව Hemas Consumer Brands හි අලෙවිකරණ අධ්යක්ෂ ශියාන් ජයවීර මහතා මෙසේ පැවසීය. "කලාපයේ ප්‍රමුඛතම ළමා රෝග විශේෂඥ සමුළුවේදී ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ අතවැල් බැඳ ගැනීම මඟින්, Baby Cheramy සන්නාමයේ මූලික අරමුණ මනාව නිරූපණය වනවා. එනම්, විද්‍යාත්මක පදනම, උසස් ආරක්ෂාව සහ විශේෂඥ දැනුම පෙරදැරි කරගනිමින් දෙමා පියන්ට විශ්වාසනීය ළදරු සත්කාර නිෂ්පාදන පිරිනැමීමයි. අපගේ Care, Nourish, Calm සහ Protect යන නව නිෂ්පාදන පෙළ, උසස්ම අමුද්‍රව්‍ය යොදා නිපදවා ඇති අතර ඒවායේ ආරක්ෂිත බව සායනිකව ද තහවුරු කර තිබෙනවා. වෛද්‍ය ක්ෂේත්රයේ විශේෂඥයන් සමඟ එක්ව කටයුතු කරමින්, බිළිඳුන්ගේ සැබෑ අවශ්‍යතාවලට ගැළපෙන සහ උසස්ම රැකවරණය සපයන විසඳුම් ලබාදීමට අපි සැමවිටම කැපවී සිටිනවා."
සම්මේලනය පුරා Baby Cheramy කණ්ඩායම පැමිණ සිටි විශේෂඥයන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර, විශේෂඥ උපදෙස් මත පදනම් වූ නිෂ්පාදන ක්‍රියාවලිය, උසස් ආරක්ෂිත ප්රමිතීන් මෙන්ම දෙමාපියන්ගේ සහ බිළිඳුන්ගේ වෙනස් වන අවශ්‍යතා හඳුනාගැනීම වැනි සන්නාමයේ සුවිශේෂී ප්රවේශයන් පිළිබඳ තොරතුරු ද බෙදා ගත්තේය. SLCP සමඟ පැවැති මෙම සබඳතාව, සෞඛ්‍ය ක්ෂේත්රයේ විශේෂඥයන් සමඟ සමීපව කටයුතු කරමින් නිවැරදි තොරතුරු මත පදනම් වූ නිෂ්පාදන තෝරා ගැනීම සහ උසස් ළදරු සත්කාරය පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමට Baby Cheramy සතු කැපවීම නැවතත් තහවුරු කළේය.
මීට අමතරව, සමට අහිතකර නොවන බවට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් පරීක්ෂාවට (Dermatologically tested for skin irritations) ໖ ໑໒ 4 Baby Cheramy Diapers ໙໙ Pants නිෂ්පාදන පෙළ පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. බිළිඳුන්ට ආරක්ෂිත Baby Cheramy Diapers සහ Pants නිෂ්පාදන පෙළ පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. අලුත උපන් බිළිඳුන්ගේ පෙකණි ප්‍රදේශයට අපහසුවක් නොවන පරිදි විශේෂයෙන් සකස් කළ 'Umbilical cord cut-out' සහිත ඩය ර්පස් සිට, දඟකාර කුඩා දරුවන් වෙනුවෙන්ම නිපද වූ බේබි පෑන්ට්ස් දක්වා වූ මෙම නිෂ්පාදන පෙළ, දරුවාගේ වර්ධනයේ සෑම පියවරකටම ගැළපෙන පරිදි උපරිම පහසුව සහ සුව පහසු ලබාදෙයි.
19 වන ආසියානු පැසිෆික් ළමා රෝග විශේෂඥයන්ගේ සම්මේලනයට එක්වීම තුළින්, ශ්‍රී ලංකාවේ ළදරු සත්කාර ප්රමිතීන් ඉහළ නැංවීම වෙනුවෙන් විද්‍යාත්මක දැනුම, නිෂ්පාදන නවෝත්පාදනය සහ අරමුණු සහිත ක්‍රියාකාරකම් එක්තැන් කිරීමට Baby Cheramy සතු නොසැලෙන උත්සාහය පැහැදිලි වේ. සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන් සමඟ සමීපව කටයුතු කරමින්, වඩාත් ආරක්ෂිත නිෂ්පාදන නිර්මාණය කරමින් සහ දෙමාපියන් නිවැරදිව දැනුවත් කරමින්, සෑම දරුවෙකුටම නිරෝගී හෙට දිනයක් උදාකර දීමේ අරමුණින් Baby Cheramy නිරන්තරයෙන් පෙරටම ගමන් කරයි.















