
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන ඉහළ යාමක් අද (04) දිනයේ දී වාර්තා විය. වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ එක්සත් ජනපද මධ්‍ය කාලීන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමඟ ඊට ප්‍රතිචාරයක් වශයෙන්මෙලෙස මෙරට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වී ඇති බවයි.
ඒ අනුව සියලු කොටස් මිල දර්හකය දිනය තුළ ඒකක 421.45කින් හෙවත් 2.09%කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 112.52කින් එනම් 1.97%කින් ඉහළ යන ලදී. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒ අනුව ඒකක 20,541.12ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 5,835.09ක් ලෙසත් ඒ අනුව වාර්තා විය.
අද දින රු. බිලියන 3.86ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම ද විශේෂ සිදුවීමකි.















