header logo
Corporate News
ශ්‍රී ලංකාවේ පළමු Deep Resolve AI MRI ස්කෑන් පද්ධතිය DIMO Healthcare වෙතින් තලවතුගොඩ හේමාස් රෝහලට
ශ්‍රී ලංකාවේ පළමු Deep Resolve AI MRI ස්කෑන් පද්ධතිය DIMO Healthcare වෙතින් තලවතුගොඩ හේමාස් රෝහලට

DIMO Healthcare විසින් Siemens Healthineers MAGNETOM Sola 1.5T MRI ස්කෑන් පද්ධතිය හේමාස් රෝහලේ තලවතුගොඩ ශාඛාවේ සාර්ථකව ස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරුණි. Siemens Healthineers හි Deep Resolve AI තාක්ෂණයෙන් සමන්විත MRI පද්ධතියක් මෙරට ප්‍රථම වරට ස්ථාපනය කිරීම මෙමඟින් සනිටුහන් විය. උපකරණ ස්ථාපනයේ සිට අඛණ්ඩ තාක්ෂණික සහ සේවා සහාය ලබාදීම දක්වා මෙම ව්‍යාපෘතියේ සියලු අදියර සඳහා DIMO Healthcare දායකත්වය ලබාදෙයි.

Deep Resolve යනු AI සහ Deep Learning භාවිත කරමින් MRI රූපවල පැහැදිලි බව ඉහළ නංවන තාක්ෂණයකි. සාම්ප්‍රදායික ස්කෑන් ක්‍රමවේදයන්ට සාපේක්ෂව ස්කෑන් කිරීම සඳහා ගතවන කාලය 73%ක් දක්වා අඩු කිරීමට මෙයට හැකියාව පවතී. එමෙන්ම රෝගියාගේ චලනයන් හේතුවෙන් රූපවල පැහැදිලි බව අඩුවීම අවම කිරීම තුළින් රෝගීන්ට වඩාත් පහසු අත්දැකීමක් ලබාදීමට මෙම තාක්ෂණය උපකාරී වේ.

DIMO හි විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා මෙසේ අදහස් දැක්වීය. “Deep Resolve තාක්ෂණයෙන් සමන්විත මෙරට පළමු MRI පද්ධතිය ස්ථාපනය කිරීම, ශ්‍රී ලංකාවේ diagnostic imaging පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක්. අපගේ දායකත්වය වෛද්‍ය උපකරණ සැපයීමට පමණක් සීමා වන්නේ නැහැ. උපකරණ ස්ථාපනය කිරීම, ක්‍රියාත්මක කිරීම, භාවිතය පිළිබඳ පුහුණුව සහ අඛණ්ඩ තාක්ෂණික සහාය ලබාදීම හරහා සෞඛ්‍යය සේවා සපයන්නන් සමඟ සමීපව කටයුතු කරමින්, මෙම නවීන තාක්ෂණය වෛද්‍ය සේවාවන් සඳහා ඵලදායීව යොදාගැනීමට අප සහාය වනවා.”

හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා මෙසේ පැවසීය. “හේමාස් රෝහලේ තලවතුගොඩ ශාඛාව තුළින් වඩාත් නිවැරදි සහ කඩිනම් රෝග විනිශ්චය සේවාවක් ලබාදීම සඳහා අප අඛණ්ඩව නවීන තාක්ෂණය සඳහා ආයෝජනය කරනවා. මෙම MRI පද්ධතිය මඟින් රෝගීන්ට වඩාත් උසස් සේවාවක් ලබාදීමටත්, අපගේ සෞඛ්‍යය සේවා වෘත්තිකයන්ට නවීන රෝග විනිශ්චය පහසුකම් ලබාගැනීමටත් හැකි වනවා. මෙම තාක්ෂණය රෝගී සත්කාර සේවාවන්ට විශාල වටිනාකමක් එක් කරනු ඇතැයි අප විශ්වාස කරන අතර, මේ සඳහා DIMO Healthcare සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව සතුටු වනවා.”

MAGNETOM Sola පද්ධතියට ඇතුළත් BioMatrix තාක්ෂණය මඟින් එක් එක් රෝගියාගේ ශරීර ව්‍යුහය සහ ශාරීරික ක්‍රියාකාරීත්වය අනුව ස්කෑන් පද්ධතිය ස්වයංක්‍රීයව සකස් වේ. ස්නායු පද්ධතිය, හෘදය, රුධිර නාල, උදරය, ශ්‍රෝණි ප්‍රදේශය, පියයුරු, මාංශ පේශී හා අස්ථි පද්ධතිය සහ පිළිකා ආශ්‍රිත පරීක්ෂණ ඇතුළු පුළුල් පරාසයක රෝග විනිශ්චය සඳහා මෙය භාවිත කළ හැකිය. මෘදු සහ නම්‍යශීලී UltraFlex Coils මඟින් ඉහළ පැහැදිලි බවකින් යුත් රූප ලබාගැනීමට මෙන්ම රෝගීන්ට වැඩි සුවපහසුවක් සැලසීමට ද හැකියාව ලැබේ.

මොළය සහ කොඳු ඇට පෙළ, හෘදය, රුධිර නාල, MRCP, පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු ආශ්‍රිත පරීක්ෂණ මෙන්ම මුළු ශරීරයම ආවරණය වන පරීක්ෂණ සඳහා ද මෙම පද්ධතිය සහාය වේ. එමෙන්ම ශරීරගත වෛද්‍ය උපකරණ සහ විකලාංග සැත්කම් සඳහා භාවිත කළ ලෝහමය කොටස් හේතුවෙන් MRI රූපවලට ඇතිවිය හැකි බාධා අවම කිරීම සඳහා විශේෂිත පරීක්ෂණ ක්‍රමවේද ද මෙයට ඇතුළත් වේ.

බලශක්ති පරිභෝජනය අවම කිරීම සඳහා ද MAGNETOM Sola පද්ධතිය විශේෂාංග රැසකින් සමන්විත වේ. Eco Power Mode, භාවිතයේ නොමැති අවස්ථාවල දී ස්කෑනරය අක්‍රිය කිරීම සහ Deep Resolve තාක්ෂණය වැනි පහසුකම් මඟින් පද්ධතියේ බලශක්ති පරිභෝජනය ආසන්න වශයෙන් 40%කින් අඩු කරගැනීමට හැකියාව පවතී. මෙය වඩාත් තිරසාර MRI සේවාවක් පවත්වාගෙන යාමට දායක වේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ වසර 65කට අධික පළපුරුද්දක් සහිත DIMO Healthcare, මෙම පද්ධතියේ කාර්යක්ෂම සහ විශ්වාසදායක ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා අඛණ්ඩ සේවා සහාය ලබාදෙයි. Siemens Healthineers සමඟ පවතින සමීප සහයෝගීතාව සහ ශක්තිමත් සේවා ජාලය හරහා උපකරණ නඩත්තු කිරීම ඇතුළු අවශ්‍ය තාක්ෂණික සේවාවන් ලබාදෙමින්, MRI පද්ධතිය උපරිම කාර්යක්ෂමතාවයකින් පවත්වාගෙන යාමට හේමාස් රෝහලට සිය සහාය දක්වයි.

මෙම ස්ථාපන කටයුතු සාර්ථකව අවසන් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවා යටිතල පහසුකම් අතරට Deep Resolve AI තාක්ෂණයෙන් සමන්විත පළමු MRI පද්ධතිය එක් කිරීමට DIMO Healthcare සහ හේමාස් රෝහල සමත් වී තිබේ. මෙය නවීන වෛද්‍ය තාක්ෂණික පහසුකම් මෙරට ජනතාවට වඩාත් සමීප කරමින්, වඩාත් උසස් සෞඛ්‍යය සේවාවක් සැමට ලබාදීමේ අරමුණ තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී පියවරකි.

MostRead
VideoStories
REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%