
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ අලෙවි වෘත්තිකයන් හය දෙනෙකු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2026 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන හයක් දිනාගනිමින් සිය විශිෂ්ට කාර්ය සාධනය වෙනුවෙන් ජාතික ඇගයීමට ලක්විය.
කාණ්ඩ තුනක් යටතේ මෙම සම්මාන දිනාගත් සෙලින්කෝ ලයිෆ් සමාගමේ අලෙවි කණ්ඩායමේ සම්මාන ලාභීන් සමාගමෙහි වෙන්නප්පුව, මිද්දෙණිය, මීගමුව සහ නුගේගොඩ ශාඛා නියෝජනය කරයි.
වෙන්නප්පුව ශාඛාවේ ලසිත ප්‍රනාන්දු මහතා ටෙරිටරි මැනේජර් අංශයෙන් රිදී සම්මානයක් දිනාගත් අතර මිද්දෙණිය ශාඛාවේ ජේ.ඒ. රත්නසිරි මහතා විකුණුම් විධායක අංශයෙන් රිදී සම්මානයක් ද එම කාණ්ඩය යටතේම මීගමුව ශාඛාවේ කේ.ඩී.එල්.එන්. ඉනෝකා මහත්මිය කුසලතා සම්මානයකින් පිදුම් ලැබුවාය.
ෆ්රලයිනර් කාණ්ඩය යටතේ මීගමුව ශාඛාවේ රශ්මි සුරවීර මහත්මිය ලෝකඩ සම්මානය දිනාගත් අතර නුගේගොඩ ශාඛාවේ කුමුදුනි රත්නායක මහත්මිය සහ කොළඹ විශේෂ අලෙවි ශාඛාවේ ෂමන් රුක්ෂාන් මහතා කුසලතා සම්මාන හිමිකර ගත්හ.
සෙලින්කෝ ලයිෆ් සමාගම 2011 වසරේ සිට SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලට සහභාගී වී ඇති අතර මෙම සම්මාන උළෙල මීට පෙර ජාතික විකුණුම් සම්මේලන (NASCO) සම්මාන උළෙල ලෙස හැඳින්විනි. එතැන් සිට වසර ගණනාවක් පුරා දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් සමාගමේ ශාඛාවල සේවකයන් විවිධ සම්මාන කාණ්ඩ යටතේ ඇගයීමට ලක්වී ඇත. සමාගම මෙම සම්මාන උළෙලේදී අඛණ්ඩව කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කිරීම එහි අලෙවි කාර්ය මණ්ඩලයේ දක්ෂතාව සහ හැකියාව මනාව පිළිබිඹු කරයි.
2026 වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීම් හි මෙරට වටිනාම සන්නාම 100 අතර ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 20 වන වසරටත් 'වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා' ලෙසත් අඛණ්ඩව 12 වන වසරටත් වල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් විය. සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
සේයාරු සටහන: SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේ ජයග්‍රහණය ලැබූ සෙලින්කෝ ලයිෆ් කණ්ඩායමේ සාමාජිකයන්.















