header logo
Top News
ට්‍රම්ප්ගේ පරාජයෙන් පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වාර්තාගත ලෙස පහළට
ට්‍රම්ප්ගේ පරාජයෙන් පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වාර්තාගත ලෙස පහළට

මේ වන විට ගෝලීය ඉන්ධන මිල ගණන් දැවැන්ත ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (නොවැම්බර් 04) පස්වරු 11.00 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 9.52කින් පහළ ගොස් තිබුණු එහි මිල ඩොලර් 94.08ක් ලෙසින් සටහන්ව තිබුණි. මෙය පෙර දිනය හා සැසඳීමේ දී 9.19% ක අඩුවීමකි.

මේ අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.77ක් දක්වා ඩොලර් 8.32කින් ඒ වන විට පහළ ගොස් තිබුණි. මෙය 8.66%ක පහළ යාමක් වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුතු රිපබ්ලිකන් පක්ෂයට අත් වූ දැවැන්ත පසුබෑම හමුවේ මැදපෙරදිග යුද්ධයේ අවසානයක් පිළිබඳ යම් සුභදායී බලාපොරොත්තුවක් නිර්මාණය වී තිබීම මෙලෙස ගෝලීය ඉන්ධන මිල පහළ යාමට හේතු වී ඇති බවයි. 

MostRead
VideoStories
REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%