
ලෝක වෙළෙඳ සංවිධානයේ වෙළෙඳාම පහසු කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළව ධාරිතා සංවර්ධනය හා තාක්ෂණික සහාය සඳහා රාමුවක් ස්ථාපනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රේගුව සමඟ ධාරිතා සංවර්ධන සහයෝගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ රාජකීය ආදායම් හා රේගු දෙපාර්තමේන්තුව විසින් යෝජනා කරනු ලැබ තිබේ.
යෝජිත අවබෝධතා ගිවිසුම මඟින් තාක්ෂණික සහයෝගිතාව, ධාරිතා සංවර්ධනය, වැඩමුළු, තාක්ෂණික උපදෙස්, දැනුම හුවමාරුව සහ ඉගෙනුම් සංචාර සඳහා අවස්ථා ඔස්සේ රේගු හා වෙළෙඳාම පහසු කිරීමේ ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත සහාය දීම අපේක්ෂා කෙරේ.
ඒ අනුව, මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ රාජකීය ආදායම් හා රේගු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව අතර ධාරිතා සංවර්ධනය සඳහා සහයෝගිතාව පිළිබඳ යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



















