
හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියූ/මිලිලීටර 0.4 පෙර පුරවා ඇති එන්නත්/වයල් 920,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 07ක් ලැබී ඇත.
එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන චීනයේ Shenzhen Techdow Pharmaceutical Co. Ltd, (Manufacturer: Shenzhen Techdow Pharmaceutical Co. Ltd, China) වෙත පිරිවැය හා ගැල් කුලී මිල ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් 828,000ක මුදලකට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



















