header logo
Corporate News
2026 ජාතික සැපයුම් දාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් වෙත විශේෂ ඇගයීම් සම්මානයක්
2026 ජාතික සැපයුම් දාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් වෙත විශේෂ ඇගයීම් සම්මානයක්

සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) විසින් පසුගිය දා මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී සංවිධානය කරන ලද 2026 ජාතික සැපයුම් දාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (National Supply Chain Excellence Awards 2026) පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (PDIL) මහා පරිමාණ නිෂ්පාදන අංශයේ විශේෂ ඇගයීම් සම්මානයෙන් (Special Commendation) පිදුම් ලැබීය. සිය පාරිභෝගිකයින් වෙත කිරි නිෂ්පාදනයන් කාර්යක්ෂමව ලබාදීම සඳහා වගකියනු ලබන ක්‍රියාවලීන් සහ එහි කාර්ය මණ්ඩලය ශක්තිමත් කිරීමට සමාගම දරන අඛණ්ඩ උත්සාහය මෙම ඇගයීමෙන් පිළිඹිබු වේ. මෙය 2025 වසරේදී සමාගම හිමිකරගත් ඇගයීම් සම්මානයට (Commendation Award) වඩා ඉදිරියට තැබූ පියවරකි. අයදුම්කරුවන් 80 දෙනෙකුගෙන් යුත් දැඩි තරගකාරී වටපිටාවක් අතරින් හිමිවූ මෙම සම්මානය සමාගමේ සැපයුම් දාමයේ කාර්යසාධනයට හිමි වූ විශිෂ්ට බාහිර ඇගයීමකි.

නිෂ්පාදනාගාරවල සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ පහසුවෙන් ප්‍රවාහනය කිරීම සඳහා සැපයුම් දාමයන් අත්‍යවශ්‍ය වේ. විශ්වාසනීය ලෙස නිෂ්පාදන බෙදාහැරීම තහවුරු කිරීම සඳහා, කිරි නිෂ්පාදන සමාගමක් විසින් මානව සම්පත, සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ ප්‍රවාහකයින් මනා ලෙස සම්බන්ධීකරණය කළ යුතුය. මෙම ඇගයීම මඟින් පැල්වත්ත ඩේරි හි සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය සඳහාම මෙම එකිනෙක සම්බන්ධ වන ක්‍රියාවලීන්ගේ වැදගත්කම මනාව පැහැදිලි කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ අක්මල් වික්‍රමනායක මහතා මෙසේ පැවසීය. "අප පාරිභෝගිකයා වෙත ලබාදෙන සෑම නිෂ්පාදනයක් පසුපසම ඇති කැපවීම වෙනුවෙන් ලැබුණු ඇගයීමක් ලෙස අපි මෙය දකිනවා. සෑම පියවරකදීම අපට සහාය වන සැපයුම්කරුවන් සහ පාර්ශවකරුවන් සමඟ එකතු වී, අපගේ සැපයුම් දාම කණ්ඩායම දිනපතාම කැපවෙන්නේ මෙහෙයුම් කටයුතු ඉතා හොඳින් පවත්වා ගැනීමට සහ අපගේ නිෂ්පාදන අඛණ්ඩව පාරිභෝගිකයින් වෙත ළඟා කිරීමටයි. පසුගිය වසරේ ඇගයීම් සම්මානයෙන් පසුව මෙවර විශේෂ ඇගයීම් සම්මානයක් ලැබීම මහඟු දිරිගැන්වීමක් වුව ද, අපට තවදුරටත් කළයුතු වැඩ කොටසක් ඇති බව අපි වටහාගෙන සිටිනවා. අපගේ ප්‍රගතිය ඇගයීම සහ ආයතනවලට තවදුරටත් වර්ධනය වීමට අභියෝග කරන වේදිකාවක් නිර්මාණය කිරීම ගැන අපි ISMM ආයතනයට ස්තූතිවන්ත වෙනවා. අපගේ පාරිභෝගිකයින්ට වඩාත් හොඳින් සේවය කිරීම සඳහා, අපගේ මානව සම්පත සහ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමට අපි තවදුරටත් අවධානය යොමු කරනවා."

නිෂ්පාදනයේ සිට වෙළඳපොළ දක්වා නිෂ්පාදන ගෙන යාමට සහාය වන පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් හි පාර්ශවකරුවන්ගේ ජාලයේ සහ සැපයුම් දාම කණ්ඩායමේ ඒකාබද්ධ උත්සාහය මෙම ජයග්‍රහණය මඟින් ඇගයීමට ලක් කර තිබේ. මීට අමතරව, සැපයුම් දාම කළමනාකරණයේ ප්‍රගතිය තවදුරටත් ගොඩනඟමින් අඛණ්ඩ වර්ධනයක් උදෙසා සමාගම සතු කැපවීම ද මෙයින් තහවුරු වේ.

පැල්වත්ත ඩේරි සමාගමට මෙම ඇගයීම ජයග්‍රහණ ගමනේ අවසන් සංධිස්ථානය නොව, අඛණ්ඩ ගමනක වැදගත් සන්ධිස්ථානයකි. සිය පාරිභෝගිකයන් වෙත විශ්වාසනීය ලෙස නිෂ්පාදන ලබාදීමට සහාය වන එකමුතුකම සහ ක්‍රියාවලීන් වඩාත් යහපත් කිරීම කෙරෙහි සමාගම ඉදිරියටත් අවධානය යොමු කරනු ඇත.

MostRead
VideoStories
BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%