
දත්ත කැණීම (Data Mining) සහ තොරතුරු ආරක්ෂණය (Information Security) පිළිබඳ තෙවන ජාත්‍යන්තර සමුළුව හෙවත් “3rd International Conference on Data Mining and Information Security” (ICDMIS 2026), SLIIT ආයතනයේ සම-සත්කාරකත්වයෙන් 2026 ඔක්තෝබර් 7 සහ 8 යන දෙදින තුළ සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, සර්බියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක විද්වතුන්, පර්යේෂකයන් සහ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් එක්තැන් කළ මෙම ජාත්‍යන්තර ශාස්ත්‍රීය හා පර්යේෂණ වේදිකාව මඟින් දත්ත කැණීම, කෘත්‍රිම බුද්ධිය සහ තොරතුරු ආරක්ෂණ ක්ෂේත්‍රයන්හි නවතම ප්‍රවණතා සහ ප්‍රායෝගික භාවිතයන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
International Knowledge Research Foundation මඟින් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ Eminent College of Management and Technology (ECMT) සහ SLIIT ආයතනය සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම සමුළුවේ සමාරම්භක උළෙල ඔක්තෝබර් 7 වන දින SLIIT පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහි තාක්ෂණික සැසිවාර ඔක්තෝබර් 8 වන දින මාර්ගග ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි.
මෙවර සමුළුව සඳහා පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම් 881ක් ලැබී තිබූ අතර, ඉන් විද්වත් කමිටුවක් මඟින් තෝරාගත් පර්යේෂණ පත්‍රිකා 217ක් සමුළුවේදී ඉදිරිපත් කිරීම සඳහා සුදුසුකම් ලැබීය. තෝරාගත් මෙම සියලුම පර්යේෂණ පත්‍රිකා Springer Nature ආයතනයේ ‘Lecture Notes in Networks and Systems’ (LNNS) ශාස්ත්‍රීය ප්‍රකාශන මාලාව (Academic Publication Series) යටතේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සමුළු සංවිධායකයෝ සඳහන් කරති. මීට සමගාමීව පැවති විශේෂ පෝස්ටර් ඉදිරිපත් කිරීමේ සැසිය හරහා උපාධි අපේක්ෂක විද්‍යාර්ථීන්ට සිය පර්යේෂණ නිබන්ධන ජාත්‍යන්තර විද්වතුන් සහ පර්යේෂකයන් හමුවේ ඉදිරිපත් කිරීමට ද අවස්ථාව උදා විය.
සමුළුවේ ප්‍රධාන දේශකයන් ලෙස සර්බියාවේ Singidunum University හි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපකුලපති මහාචාර්ය මිලාන් ටුබා, අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි Trinity University හි ආචාර්ය ඊවා ටුබා සහ ඉන්දියාවේ Knowledge Chamber of Commerce and Industry of India හි අධ්‍යක්ෂ ආචාර්ය අමිත් ජෝෂි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. මීට අමතරව, ඉන්දියාවේ Eminent Group of Colleges හි අධ්‍යයන අධ්‍යක්ෂ ආචාර්ය සුරජිත් ගූන්, SLIIT Matara Centre හි තොරතුරු තාක්ෂණ අධ්‍යයනාංශයේ පීඨාධිපති ආචාර්ය ප්‍රසන්න සුමතිපාල සහ ඉන්දියාවේ Sister Nivedita University හි ආචාර්ය අභිෂේක් භට්ටාචාර්ය යන විද්වත්හු ද මීට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ SLIIT පරිගණක පීඨයෙහි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නුවන් කෝදාගොඩ මහතා මෙසේ පැවසීය: “අතීතයේදී දත්ත කැණීම සහ තොරතුරු ආරක්ෂණය යන විෂයයන් පරිගණක පීඨයක එකිනෙකට වෙනස් අංශ දෙකක් ලෙස සැලකුවද, අද වන විට ඒවා එකම කාසියක දෙපැත්ත බවට පත්ව තිබෙනවා.”
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “වර්තමානයේදී කෘත්‍රිම බුද්ධි (AI) පද්ධතියක් නිර්මාණය කිරීමට දැන සිටීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එහි සයිබර් ආරක්ෂණය හා තොරතුරු ආරක්ෂණය තහවුරු කිරීමටත්, විධිමත් කෘත්‍රිම බුද්ධි පාලනයකට යටත්ව එය මෙහෙයවීමටත්, එහි ක්‍රියාකාරීත්වයේ විනිවිදභාවය සහ පැහැදිලි කළ හැකි බව (Explainability) තහවුරු කිරීමටත් අපගේ උපාධිධාරීන් සන්නද්ධ විය යුතුයි. මෙවැනි ජාත්‍යන්තර සමුළු මඟින් එම නවීනතම පර්යේෂණ දැනුම සෘජුවම අපගේ දේශන ශාලා වෙත රැගෙන ඒමට හැකියාව ලැබෙනවා,” යනුවෙන් ද සඳහන් කළේය.
ඉන්දීය සංවිධායක කමිටුව නියෝජනය කරමින් ආචාර්ය අභිෂේක් භට්ටාචාර්ය මහතා මෙසේ සිය අදහස් පළ කළේය: “රජයන්ට සහ කර්මාන්ත ක්ෂේත්‍රයන්ට විවිධ ගිවිසුම්වලට එළඹිය හැකි වුවත්, සැබෑ ජාත්‍යන්තර සහයෝගීතාව ගොඩනැගෙන්නේ විශ්වවිද්‍යාල සහ පර්යේෂකයන් හරහායි. පර්යේෂණ ක්ෂේත්‍රයට වඩාත් පුළුල් දැක්මක් අවශ්‍ය වූ නිසාම රටවල් දෙකක ආයතන දෙකක් එකම අරමුණක් වෙනුවෙන් එක්වීම පිළිබඳව ICDMIS යනු කදිම නිදසුනක්. එකිනෙකට බැඳුණු ලෝකයක විශ්වවිද්‍යාල පද්ධතිය ඉටු කළ යුතු කාර්යභාරය එය වන අතර, ICDMIS ඉදිරියටත් එම ශාස්ත්‍රීය සහයෝගීතාව අඛණ්ඩව පෝෂණය කරනු ඇති.”
තාක්ෂණික සැසිවාර, ප්‍රධාන දේශන සහ විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ ඉදිරිපත් කිරීම් ඔස්සේ දැනුම හුවමාරු කර ගැනීමටත්, දේශසීමා ඉක්මවූ පර්යේෂණ සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් ICDMIS 2026 සමුළුව පුළුල් අවකාශයක් නිර්මාණය කළේය. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හවුල්කාරිත්වයන් පුළුල් කරමින්, දත්ත කැණීම, කෘත්‍රිම බුද්ධිය සහ තොරතුරු ආරක්ෂණය යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික අභියෝග ජයගත හැකි පර්යේෂණ සමඟ පරිගණක උසස් අධ්‍යාපනය බද්ධ කිරීමට SLIIT ආයතනය දක්වන කැපවීම මෙම සම-සත්කාරකත්වය මඟින් මැනවින් පිළිබිඹු වේ.
























