header logo
Corporate News
චයිනීස් ඩ්‍රැගන් කැෆේ 15 වැනි අවන්හල මහනුවරදී විවෘත වේ
චයිනීස් ඩ්‍රැගන් කැෆේ 15 වැනි අවන්හල මහනුවරදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ චීන ආහාර සංස්කෘතිය තුළ දශක අටකට අධික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනූ ප්‍රමුඛ පෙළේ අවන්හල් ජාලයක් වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය නවතම අවන්හල මහනුවර නගරයේදී විවෘත කරමින් සිය ව්‍යාපාර ව්‍යාප්තියේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙය ශ්‍රී ලංකාවේ එම සමාගමට අයත් 14 වැනි අවන්හල වන අතර ජාත්‍යන්තර වශයෙන් එහි 15 වැනි අවන්හල වේ. මහනුවර පියෂෝ උද්‍යානයේ අංක 454 දරන ස්ථානයේ පිහිටි මෙම නව අවන්හල පේරාදෙණිය පාරේ සිට පියෂෝ උද්‍යානය දෙසට මීටර් 230ක් පමණ දුරින් ලයිට්හවුස් දේවස්ථානය ආසන්නයේ පිහිටා ඇත. ඓතිහාසික හා සංස්කෘතික උරුමයෙන් මෙන්ම සංචාරක හා වාණිජ වැදගත්කමින් සුවිශේෂ ස්ථානයක් හිමි මහනුවර නගරය සිය අවන්හල් ජාලය පුළුල් කිරීම සඳහා චයිනීස් ඩ්‍රැගන් කැෆේ විසින් තෝරා ගනු ලැබූ තවත් ප්‍රධාන නගරයකි. මෙම නව අවන්හල හරහා මහනුවර සහ ඒ අවට ජනතාවට මෙන්ම දේශීය හා විදේශීය සංචාරකයන්ට චයිනීස් ඩ්‍රැගන් කැෆේහි සුවිශේෂ ආහාර රස විඳීමේ අවස්ථාව උදා වේ.

චයිනීස් ඩ්‍රැගන් කැෆේහි ඉතිහාසය 1942 දක්වා දිව යයි. චීන ජාතික යුවළක් බම්බලපිටියේදී කුඩා අවන්හලක් ලෙස ඇරැඹූ මෙම ව්‍යාපාරය වසර 84ක ගමන් මඟ තුළ පරම්පරා ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනමින් මෙරට ප්‍රමුඛ අවන්හල් ජාලයක් බවට පත් වී තිබේ. බම්බලපිටිය, ගල්කිස්ස, නුගේගොඩ, රාජගිරිය, පැලවත්ත, වත්තල, කඳාන, කඩුවෙල, යාපනය, ගාල්ල, ගොතටුව, ඔරියන් සිටි සහ මීගමුව යන ප්‍රදේශවලට සිය සේවා ව්‍යාප්ත කළ සමාගම 2021දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිය පළමු විදේශීය අවන්හල විවෘත කරමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසියේය. වසර ගණනාවක් පුරා චයිනීස් ඩ්‍රැගන් කැෆේ පාරිභෝගිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ එහි සුවිශේෂ චීන ආහාර රස, උසස් ආහාර ප්‍රමිතිය සහ විවිධත්වයෙන් යුත් ආහාර වට්ටෝරු හේතුවෙනි. විශේෂයෙන්ම හොට් බටර් කට්ල්ෆිෂ් සහ කෙසෙල් කොළයක පිළිගන්වන සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එහි ජනප්‍රියම ආහාර අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී. මීට අමතරව විවිධ බත් වර්ග, නූඩ්ල්ස් සහ චීන ආහාර රැසක් පාරිභෝගිකයන් වෙත පිරිනැමේ.

මහනුවර නව අවන්හල පාරිභෝගිකයන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලන අයුරෙන් නවීන පහසුකම් රැසකින් සමන්විතව නිර්මාණය කර ඇත. ඉඩ කඩ සහිත සුව පහසු ආසන පහසුකම්වලට අමතරව පෞද්ගලික භෝජන කාමර (Private Dining Rooms) සහ අවට සුන්දර දර්ශන නැරැඹිය හැකි විශේෂ වීදුරු ආවරණ සහිත ආසන පරිශ්‍රයක් (Glasshouse Seating Area) මෙහි ස්ථාපිත කර තිබේ. පවුලේ සැමැරුම්, විශේෂ උත්සව, ආයතනික රැස්වීම් සහ පෞද්ගලික හමුවීම් සඳහා මෙම පහසුකම් යොදා ගත හැකිය. එමෙන්ම නොමිලේ ආහාර බෙදා හැරීමේ සේවාව, ගෘහස්ථ හා එළිමහන් උත්සව සඳහා ආහාර සැපැයීම, ආයතනික ආහාර විසඳුම් සහ මාර්ගගත ආහාර ඇණැවුම් කිරීමේ පහසුකම් චයිනීස් ඩ්‍රැගන් කැෆේ විසින් සපයනු ලබයි. නව අවන්හල විවෘත කිරීම පිළිබඳව චයිනීස් ඩ්‍රැගන් කැෆේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ළහිරුවන් ලක්මාල් මහතා මෙසේ පැවසීය. “මහනුවර යනු සුවිශේෂ සංස්කෘතික හා ඓතිහාසික උරුමයක් මෙන්ම දියුණු සංචාරක කර්මාන්තයක් සහ සක්‍රීය ව්‍යාපාර පරිසරයක් සහිත නගරයක්. මෙම නගරයේ පවතින ව්‍යාපාර අවස්ථා පිළිබඳව අපට හොඳ අවබෝධයක් තිබෙනවා. චයිනීස් ඩ්‍රැගන් කැෆේහි ජනප්‍රිය චීන ආහාර රසයන් මහනුවර ජනතාව වෙත සමීප කිරීමට ලැබීම අපට විශාල සතුටක්. මෙම නව අවන්හල හරහා නව පාරිභෝගිකයන් වෙත ළඟා වීමටත්, මහනුවර ජනතාව සමඟ දිගු කාලීන සබඳතා ගොඩ නඟා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” මහනුවර නව අවන්හල විවෘත කිරීම මෙරට ප්‍රධාන නගර වෙත සිය සේවා ව්‍යාප්ත කරමින් පාරිභෝගිකයන්ට වඩාත් සමීප වීමට චයිනීස් ඩ්‍රැගන් කැෆේ ගෙන යන වැඩපිළිවෙළේ තවත් වැදගත් පියවරකි. සිය සාම්ප්‍රදායික ආහාර රසය සහ ගුණාත්මක ප්‍රමිති ආරක්ෂා කර ගනිමින් නවීන අවන්හල් පහසුකම් සහ පහසු සේවා හඳුන්වා දීමට සමාගම අඛණ්ඩව කටයුතු කරයි. 1942දී බම්බලපිටියෙන් ඇරැඹුණු චයිනීස් ඩ්‍රැගන් කැෆේහි ගමන් මඟ අද වන විට ශ්‍රී ලංකාවෙන් ඔබ්බට විහිදී ඇති සාර්ථක ව්‍යාපාර ගමනක් බවට පත් වී තිබේ. වසර 84ක අත්දැකීම් සහ පාරිභෝගික විශ්වාසය පදනම් කර ගනිමින් මහනුවර නව අවන්හල සමඟ සිය ව්‍යාපාර ජාලය තව දුරටත් ශක්තිමත් කරන චයිනීස් ඩ්‍රැගන් කැෆේ ඉදිරියේදී නව වෙළෙඳපොළ අවස්ථා හඳුනා ගනිමින් සිය ව්‍යාප්තිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරයි.

MostRead
VideoStories
Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%